Colombo Today Local News

ජනාධිපතිවරණයේදී පොහොට්ටුවෙන් පොදු අපේක්ෂකයෙක්

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

එම අපේක්ෂකයා වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වුවහොත් තම සහාය ඔහුට පළ කරන බවද රණතුංග මහතා කීය.

එහෙත් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කිසිවක් ප්‍රකාශ කර නොමැති බවද අමාත්‍යවරයා පවසයි.

ඉකුත් වසරේ මැයි මස 9 වැනිදා අරගලකරුවන් විසින් සිය නිවස ගිණි තබා විනාශ කිරීම සම්බන්ධයෙන් සිදුකරනු ලැබු පැමිණිල්ල පිළිබඳ විමර්ශන කටයුතු සොයා බැලීමට හා ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීමට අද (24) දින ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිලිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

රට පුරා ඉන්ධන හිගයක්…

colombotoday

තවත් ජාත්‍යන්තර දිනුමක්.. මුදල් විශුද්ධිකරණ කළු ලැයිස්තුවට ශ්‍රී ලංකාවත් ඇතුළත් කරයි

colombotoday

එජාපයේ නායකයා රනිල්මයි… සෙසු නිලතළ සංශෝධනයට කමිටුවක් පත් කෙරේ… කෘත්‍යාධිකාරියේ තීරණය මෙන්න

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

ඉතිහාසයේ මුල්වරට ගාල්ලේ හර්තාල්.. කඩසාප්පු වසා ව්‍යාපාරිකයෝ විරෝධයේ !

colombotoday

අන්තරේ වසන්ත ඇතුළු පිරිස 27තෙක් රිමාන්ඩ්

Admin