Colombo Today Local News

දුරකථනයේ අය හදන්නේ සිරිකොත අල්ලන්න අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක් -අර්ජුන

වර්තමානයේ එක්සත් ජාතික පක්ෂය ජාතිවාදයෙන් තොරව ඉදිරියට යාමේ වැඩ පිළිවෙළක් අරඹා ඇති බව එක්සත් ජාතික පක්ෂ ගම්පහ දිස්ත්‍රික් නායක අර්ජුන රණතුංග මහතා පවසයි.

ගම්පහ එඬේරමුල්ල ප්‍රදේශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා පවසා සිටියේ, එක්සත් ජාතික පක්ෂය අද වන විට දෙකඩ වී ඇති බවය.

එය එකතු කිරීමට විශාල උත්සහයක් ගත් බවද පැවසු ඒ මහතා, අවාසනාවකට කණ්ඩායම් දෙකක් ලෙස මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත් වන බවද පැවසීය.

“දුරකථනයේ අය සිරිකොත අල්ලන්න යන බව” පවසන බවද කියා සිටි රණතුංග මහතා, “අපි අල්ලන්න හදන්නේ ආණ්ඩුවක්” යනුවෙන් ද කියා සිටියේය.

පක්ෂය නැති කිරීමට අවස්ථාවක් නොදෙන ලෙස පාක්ෂිකයින්ගෙන් ඉල්ලා සිටින බවද පැවසු ඒ මහතා, ඇතැම් දේශපාලනඥයින්ගේ ප්‍රකාශවලින් පක්ෂයේ අර්බුද රැසක් ඇති වු බව ද සඳහන් කළේය.

තමා “හොඳ බෞද්ධයෙක්” යැයි ද මෙහිදී කියා සිටි රණතුංග මහතා, ශ්‍රී ලංකා පිලේ නායකත්වය දරණ කාලයේ දී සිංහල, දෙමළ හා මුස්ලිම් ක්‍රීඩකයෝ සිටි බවද මෙහිදී අවධාරණය කර සිටියේය.

කිසි දිනක ක්‍රීඩාව තුළ ජාතිවාදය නොතිබු බවද පැවසු අර්ජුන රණතුංග මහතා, අද වන විට පක්ෂය තුළ ද ඒ ක්‍රමවේදය පවත්වා ගැනීමට උත්සහ දරණ බවද පැවසීය.

Related posts

පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හරහා සිදුවන්නේ මෙරට බුද්ධි නිළධාරීන් දඩයම් කිරීමක්. – විජයදාස රාජපක්ෂ

colombotoday

කොළඹ මහාධිකරණයේ නඩු භාණ්ඩ සොරා ගත් සේවකයන් දෙදෙනා රිමාන්ඩ්

Admin

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පිනී මල්ලිකා පිලපිටිය අභාවප්‍රාප්ත වෙයි

colombotoday

කෝකිලායි පන්සල ගලවා ඉවත් කරනු.. උතුරෙන් පිටවෙනු.. විහාරාධිපති හිමිට TNA තර්ජන

colombotoday

අවම ශ්‍රමික වයස වෙනස් කිරීම ගැන යුනිසෙෆ් ආයතනයේ ප්‍රසාදය

colombotoday

ඥානසාර හිමිගෙන් භික්ෂුන් වහන්සේලාට සංවේදී ලිපියක්

colombotoday