Colombo Today Local News

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සතු නීති දැඩි කරයි

ශාරීරික, මානසික, ලිංගික හා නොසලකා හැරීම් යන සියලු ආකාරයේ අපයෝජනයන්ගෙන් ළමයින් ආරක්ෂා කර ගැනීම සඳහා කටයුතු කරමින් සිටින බව ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

ළමා ආරක්ෂක අධිකාරිය සතු බලතල ක්‍රියාත්මක කිරීමේදී ඊට බාධා කරන හෝ ප්‍රතිරෝධය පාන සෑම තැනැත්තෙක්ම වරදක් සිදු කරන බවත් එම තැනැත්තන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට අවශ්‍ය කටයුතු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් ගන්නා බවත් එහි සභාපතී මහාචාර්ය මුදිත විදානපතිරණ පැවසීය.

ළමා ආරක්ෂාව තහවුරු කිරීම හා ළමයින්ගේ උපරිම යහපත සැලසිම සඳහා සියලු පුද්ගලයන් හා පාර්ශවයන් වගකීමෙන් යුතුව, එක්ව කටයුතු කිරීම ජාතික ළමා ආරක්ෂක අධිකාරිය අපේක්ෂා කරන බව නිවේදනයක් නිකුත් කරමින් මහාචාර්ය මුදිත විදානපතිරණ කීය.

Related posts

අද රෑ 12 සිට ෆේස්බුක් දේශපාලන දැන්වීම් ඉවතට – ‘සිල්ගත්තා වගේ ඉන්න’ මැකො කියයි

colombotoday

ශ්‍රීලනිප මධ්‍යම කාරක සභාව අද රැස්වේ

colombotoday

ඉන්ධන මිල ඉහළ නැංවිමට එරෙහිව නාවලපිටිය උණුසුම් – මාර්ගයයත් අවහිර කරයි.(Video)

colombotoday

‘ඇමැති ධුරයේ සිටින තුරු ඛනිජ තෙල් සංස්ථාව පෞද්ගලීකරණය කරන්නේ නෑ’

colombotoday

අගමැතිගේ සුපිරි ඇමතිකමට උතුරත් හරස් වෙයි

colombotoday

පාතාල කල්ලි සාමාජික ඉන්ද්‍රගේ ප්‍රධාන ගෝලයකු වන අක්කු අත්අඩංගුවේ

colombotoday