Colombo Today Local NewsHot News

බැසිල් හා සිරසේ සංඛ්‍යාත හොරකම

සිරස බැසිල්ට පහර දීමට ලෝක ප්‍රවෘත්ති සම්ප්‍රදායන් පවා කඩා දමමින් ප්‍රවෘත්ති විකාශය අතර තුර ප්‍රවෘත්ති කියවන්නන්ගේ ද ඉල්ලීමකින් තොරව මැදිරයට කඩා පැන කළේ වළං කඩේට ගිය පින්ගොනා කළ දේම ය.

බැසිල්ට ඇණගෙන ඇණගෙන ගියේ ය. හතර වටේ ගියේ ය. මල්වාන ඉඩ‍මේ සිට දිවිනැගුම හරහා ජී අයි බට දක්වා ගියේ ය.

එහෙත් පොඩි වූයේ කාගේ වළං ද?

සිරසේ ම වළංම ය.

බැසිල්ට කුමන අවලාද නැගුව ද ඔහු ඉතා නිවැරදි ව කළ චෝදනාවට පමණක් සිරසට පිළිතුර දීගත නොහැකි විය.

අප අසන්නේ සිරස ජාතික සංඛ්‍යාත හිමි කර ගත්තේ කෙසේ ද ?යන්න ය.

ව්‍යාජ දූෂණ විරෝධී සටන් පාඨ ගෙන රටපුරා යන සිරස එය හෙළි කළ යුතු ය.

රුපියල් බිලියන 5ක් හෙවත් කෝටී 500ක් පමණ වටිනා ජාතික සංඛ්‍යාත පරාස එක් මාධ්‍ය සමාගමකට පමණක් අතයටින් දීම ලංකා මාධ්‍ය ක්‍ෂේත්‍රයේ දූෂිත ම වංචාවයි.

අදාළ සංඛ්‍යාතයක් හිමි කර ගැනීමට නම් ටෙන්ඩර් පටිපාටියේ දී ලකුණු 60කට වඩා ලබාගත යුතු ය.

එහෙත් සිරස එය ලබා ගන්නේ එකදු ලකුණක් හෝ නොගෙන ටෙන්ඩර් පටිපාටියෙන් ද බැහැරව බව ඔබ දන්නෙහි ද?.

මීට එරෙහි වූ මුහුන්න් කානගීට තම ICTA සභාපති ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය.

මේවාට ඉඩ දිය හැකි ද?

මෙහි ඛේදවාචකය නම් අනාගතයේ දී සිදු කරන ජාතික ඩිජිටල්කරණ මෙහෙයුමේ දී මෙම සංඛ්‍යාත ශ්‍රී ලංකා රජයට භාවිතයට ගැනීමට තිබූ අවස්ථාව දැන් එක් පුද්ගලයෙකුට පමණක් හිමිවීමයි.

බොහෝ අය එවක අවලාද නැගූ නෙළුම් කුළුන ඉදි කිරීම සැලසුම් කළේ ඉහත ජාතික ඩිජිටල්කරන මෙහෙයුමේ එක් ප්‍රධාන පියවරක් ලෙස බව ඔබ නොදන්නවා විය හැකි ය.

එහෙත් එය ඉදි කොට අවසන් වන විට එම කුළුන හරහා ලංකාව පුරා එකම තැනකින් බෙදා හැරීමට නියමිත ව තිබූ සංඛ්‍යාත පරාසයන් දැන් ජාතියට අහිමි කර තිබේ.

ඒ අනුව, අනාගතයේ දී රජයකට ද සිදු වන්නේ මහාරාජා හරහා සංඛ්‍යාත ලබා ගැනීමටයි.

අනෙත් කාරණය නම්, මෙවා හිමි සමාගමකට ලංකාවේ මාධ්‍ය ඒකාධිකාරයක් පවත්වාගෙන යා හැකි වනවා පමණක් නොව අනෙත් සියලු මාධ්‍ය ඊට යටත්ව කටයුතු කිරීමට ද සිදුවීම ය.

එහෙත් මේ ගැන සෙසු මාධ්‍ය පවා නිහඬ වීම පුදුම සහගත ය. එවන් තත්ත්වයක් තුළ මේ පොදු සම්පත මහාරාජා සමාගම සිරිසේනගේ සහායෙන් මංකොල්ලා කන ලද බව බැසිල් විසින් හෙළි කිරීම සිරස නම් ගැරඬියාට භූමිතෙල් ගැසුවාක් වැනි වී තිබේ.

සිරස තම මාධ්‍ය කඩතුරාවට වහං වී තම සොරකම් වසාගෙන සිටීම රටට හෙළි කිරීම ඇරඹිය යුතු ය.

ඇත්ත වශයෙන් ම මහාරාජා සමාගම ලංකාවේ ජාතික සංඛ්‍යාත හොරකම් කොට ජාතියට කළ ඒ මහා නින්දා සහගත පාඩුව ගැන ලංකාවේ පළමු වරට දේශපාලකයෙකු ලෙස ප්‍රසිද්ධියේ හෙළි කර සිටියේ බැසිල් පමණි.

අවාසනාව වන්නේ මේ ප්‍රසිද්ධ සොරකම ගැන ලංකාවේ බොහෝ දෙනා හොඳින් දැන සිටියදීත් ඒ ගැන වචනකුදු කතා නොකිරීම ය.

දේශපාලකයින් හෝ මාධ්‍යවල දූෂණ විරෝධී වීරයින් ලෙස කටමැණ දොඩවන සංවිධාන හා පුද්ගලයින් සිරසේ සොරකම ගැන දැන දැන ම හෙළි නොකර සිටින්නේ ඔවුන්ට මාධ්‍ය ආවරණ අහිමි වේ ය යන බියෙනි.

මෙසේ බියගුළු විය යුතු ද?

මීට තිතක් තැබිය යුතු ය. මාධ්‍ය පුද්ගලික වුව ද ඔවුන් ක්‍රියාත්මක වන්නේ ජාතියට අයත් මහජන සංඛ්‍යාත තුළ ය. බසය පුද්ගලික වුන එය දුවන්නේ, රජයේ මහාමාර්ගවල රජයේ බලපත්‍රය යටතේ මෙනි.

ඒ අනුව, කිසිවෙකුට පිස්සු කෙළිය නොහැකි ය. බිය වැද්දිය නොහැකි ය.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ

Related posts

රාජ්‍ය මාධ්‍ය පක්ෂග්‍රාහීයි… ගුවන්විදුලි සභාපති, ජනමාධ්‍ය ලේකම් කථානායක හමුවට කැදවයි…

colombotoday

ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක්. – ආරක්ෂක ලේකම් ෆොන්සේකාට මතක්කර දෙයි

colombotoday

පරෙවි දූපතේ තාවකාලික පාලම ජනතා අයිතියට.

colombotoday

ඉන්දු පැසිපික් කලාපයේ වටිනාම භූමිය ඇත්තේ ශ‍්‍රී ලංකාවේ – ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය කියයි

colombotoday

ඇමරිකාවත් සෙලවෙයි

Admin

ඥානසාර හිමි සිරගත කිරීමට එරෙහිව කොරියාවේ උද්ඝෝෂණ රැල්ලක් සැම්සුන් සේවකයන්ගෙන් ඇරඹේ

colombotoday