Colombo Today Local News

ඇමරිකාවත් සෙලවෙයි

අමෙරිකාවේ නිව්යෝර්ක් ඇතුළු නැගෙනහිර වෙරළ තීරයට ආසන්න නගරවලට එරට වේලාවෙන් උදෑසන 10.23ට පමණ රික්ටර් මාපකයේ ඒකක 4.8ක භූකම්පනයකින් බලපෑම් එල්ල විය.

එය ෆ්ලඩෙල්ෆියා සිට නිව්යෝර්ක් දක්වා දැනුණු බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

මේ අතර ප්‍රධාන භූකම්පනයෙන් පසුව පසු කම්පන 11ක් පමණ වාර්තා වී තිබුණු බවද විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ මෙය ගෙවුණු දශක පහක කාලය තුළ කලාපයෙන් වාර්තාවූ තෙවන විශාලතම භූකම්පනය මෙය බවයි.

කෙසේ වුවද භූකම්පනයෙන් ජීවිත හෝ දේපොළ හානියක් වාර්තා වී නොමැති බවත් වාර්ථා වේ.

එම කම්පනයත් සමග ලෝක ප්‍රසිද්ධ අමෙරිකාවේ ලිබර්ටි ප්‍රතිමාව සෙලවුණු අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණේ මේ අයුරින්

Related posts

ලේ බැංකුවේ රුධිර ඇසුරුම් හිඟයක්

colombotoday

ලක්ෂ 75ක මඩු අස්වැන්නක්

Admin

ගංජා කිලෝ 2ක් ප්‍රවාහනය කරමින් සිටි අයෙක් හම්බෙගමුවේදී අත්අඩංගුවට

colombotoday

ක්වේට් ගමන් තාවකාලිකව අත්හිටුවයි !

colombotoday

රහස් පොලීසිය වැලිසර නාවික කදවුර පිරික්සයි!

colombotoday

“සියළුම සංවර්ධන කටයුතු කළේ එජාපයයි.. රට ඉදිරියට යන්න නම් එජාප ආණ්ඩුවක් තිබිය යුතුමයි” – අගමැති

colombotoday