Colombo Today Local News

ඥානසාර හිමි නිදහස් කිරීමට එරෙහි නඩු: හිටපු ජනාධිපති මෛත්‍රීත් වගඋත්තර කරුවෙක් කරන්න නියෝග

බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීමට එරෙහිව රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියා කරුවන් වන පාක්‍යශෝක්ති සරනමුත්තු සහ සන්ධ්‍යා එක්නැලිගොඩ විසින් ගොනු කෙරූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් අද (5) සලකා බැලූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මෙම නඩුවේ පාර්ශවකරුවෙකු කිරීමට පෙත්සම්කාර පාර්ශවය සිදුකල ඉල්ලීමකට ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබා දුන්නා.

අද මෙම නඩුව අගවිනිසුරු ජයන්ත ජයසූරිය, එල්.ටී.ඩී දෙහිදෙනිය සහ මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ කඳවු අවස්ථාවේදී අදාළ නියෝගය ලබා දුන් ශ්‍රේෂ්ඨාධිකරණය මෙම නඩුව යලි කැඳවීම සඳහා 2020 මාර්තු 02 දක්වා කල්තැබීමට නියෝග කරන ලදි.

පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් ජේෂ්ඨ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා නීතිඥ තිෂ්‍ය වේරගොඩ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටින ලදි.

නඩුව අවසන් වීමෙන් පසු ඥානසාර හිමි මාධ්‍යයට දැක්වූ අදහස්….

Related posts

අලුත් බද්දෙන්, රුපියල වැටීමෙන් වාහන මිල ඩබල් වෙයි !

colombotoday

ඉන්දියාවේ රැදී සිටින ශ්‍රී ලාංකික සිසුන් 102 අද දිවයිනට

colombotoday

සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ තීරණයක්

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

මහින්ද මේ කුණු ගොඩ බාර නොගෙන ඉන්නයි තිබුණෙ…

colombotoday

කාවිංග පෙරේරා අත්අඩංගුවට !

colombotoday