Colombo Today Local News

ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක්. – ආරක්ෂක ලේකම් ෆොන්සේකාට මතක්කර දෙයි

ප්‍රජාතන්ත්‍රවාදී වාදීව සිදුකෙරෙන සාමකාමී විරෝධතා මැඩපැවැත්වීම සඳහා කිසිසේත්ම හමුදා භටයන් යොදා නොගන්නා බව ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

ප්‍රචණ්ඩකාරි අවස්ථාවකදී දේශයේ ආරක්ෂාව වෙනුවෙන්, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාන ආරක්ෂා කිරීමට සහ සියලු ශ්‍රි ලාංකිකයන් අතර සාමය සහ සහජීවනය ඇති කිරීමට පොලිසිය විසින් සහායක් ඉල්ලා සිටින අවස්ථාවකදී පමණක් පොලිසියේ ඉල්ලීම පරිදි හමුදා සහාය ලබාදෙනු ලබන ආරක්ෂ ලේකම්වරයා නිකුත් කළ නිවේදනයේ සදහන් වේ.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මැතිතුමා විසින් තම මුහුණු පොතෙහි ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අමතා තබා තිබූ සටට ප්‍රතිචාර දක්වමින් ආරක්ෂක අමාත්‍යාංශය මෙම නිවේදනය නිතුක් කර ඇත.

සාමකාමී ලෙස විරෝධතාවයේ යෙදෙන අයවලුන් අතරට බුද්ධි අංශ සාමාජිකයන් යවා ඔවුන් මඟින් යම් කලකෝලහාල තත්ත්වයක් ඇතිකර හෝ බෝම්බ පිපිරීමක් වැනි දෙයක් සිදුකර එය හුවාදක්වමින් ඔවුන් විසුරුවා හැරීමට ත්‍රිවිධ හමුදාව යොදාගැනීමේ අදහසක් ඇතැයි සමාජ මාධ්‍ය හරහා යන තොරතුරුවල කිසිම සත්‍යතාවයක් නැති අතර ශ්‍රි ලංකා ත්‍රිවිධ හමුදාවන් රටට සහ ජනතාවට ආදරය කරන සදාචාරාත්මක හමුදාවක් බව ආරක්ෂක ලේකම්වරයා මහජනතාවට දන්වා සිටී

Related posts

දෙමළ සන්ධානයෙන් පොහොට්ටුවට අනතුරු ඇගවීමක්…

colombotoday

“ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ මීළග ජනාධිපතිවීම ඒකාන්තයි“ – විජිත රෝහණ

colombotoday

බස්නාහිර පළාතේ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම හෙට සිට

colombotoday

මේ රට පාලනය කළ යුතු විදිහ මම දන්නවා… ඇමරිකානු පුරවැසිකමත් අතහැර 2020ට ගෝඨාභය සූදානම්

colombotoday

ආබාධිත හමුදා සෙබළුන්ගේ විශ්‍රාම වැටුප් සඳහා අයවැයෙන් මුදල් වෙන්කර නෑ

colombotoday

විමල්ට, දිනේෂ්ට, ඩලස්ට, උදයට මැයි 1 දා ශාලිකා පිටිය තහනම්

colombotoday