Colombo Today Local News

බස් රථයක් තුලදී රාජ්‍ය නිලධාරිනියකට ලිංගික හිංසනයක් කළ සැකකරු අත්අඩංගුවට

කලුතර සිට අලුත්ගම තෙක් පොදු මගී ප්‍රවාහන බස් රථයක ගමන් කරමින් සිටි රාජ්‍ය ආයතනයක සේවයේ නියුතු නිළධාරිනියකගේ සිරුර ස්පර්ශ කිරීමේ ලිංගික හිංසනයකට සම්බන්ධ සැකකාර තරුණයකු අලුත්ගම පොලීසියේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන අද (30)දින කලුතර අධිකරණයට ඉදිරිපත් කල බව කියයි.

එම සිදුවීම සම්බන්ධයෙන් නිළධාරිනිය අලුත්ගම පොලීසියට කළ පැමිණිල්ල අනුව ඊයේ (29)දින සවස අලුත්ගම බස් නැවතුමේදී සැකකාර තරුණයා අත්අඩංගුවට ගෙන කලුතර අධිකරණයට අද ඉදිරිපත් කර තිබේ.

සැකකාර තරුණයා කිතුල්ගල ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන අතර පානදුර සංචාරක හෝටලයක සේවය කරන 24 වියේ පසු වන්නෙකු බවත් 49 හැවිරිදි නිළධාරිනිය විවාහක දෙදරු මවක බවත් පොලීසිය සදහන් කරයි.

මෙම නිලධාරිනිය ඊයේ (29) දිනයේදී රැකියා ස්ථානයෙන් රාජකාරිය නිමවා කොළඹ සිට පැමිණෙන බස් රථයකින් අලුත්ගම තෙක් ගමන් කරමින් සිටියදී පසු පස අසුනේ සිට මෙම සැකකාර තරුණයා එම නිළධාරිනියගේ ශරීරය අවස්ථා කිහිපයකදී විටින් විට ස්පර්ශ කර ඇති අතර පසුව ඇය බසයේ අසුනින් නැගිට සෙසු මගීන්ට හා කොන්දොස්තරවරයාට මේ පිලිබදව හඩනගා පවසා තිබෙන බව පොලීසියට කල පැමිණිල්ලේ සදහන් වේ.

එම අවස්ථාවේ අලුත්ගම බස් නැවතුමේ රාජකාරියේ යෙදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් දෙදෙනකු සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Related posts

බුවනෙකබා රාජ සභා ගොඩනැගිල්ල හා සම්බන්ධ සියලුම ලිපිලේඛන කුරුණෑගල මහෙස්ත්‍රාත් අධිකරණයට බාර දෙන ලෙස නියෝගයක්

colombotoday

ඇමතිකම් එපා කියු මුස්ලිම් කොංග්‍රස් මංත්‍රී දෙදෙනෙක් ඒවා ආයෙත් ඉල්ලති

colombotoday

මොහාන් ලාල් ග්‍රේරු නව රජයට එක්වේ.

colombotoday

උණ්ඩියල් ක්‍රමයට විදේශීය මුදල් හුවමාරු කල පුද්ගලයෙක් මි. 16.7ක විදෙස් මුදල් සමග අත්අඩංගුවට

colombotoday

නීතිය හා සාමය කඩ කළැයි ශ්‍රීපාදස්ථානයේ උපවාස කළ අයෙක් අත්අඩංගුවට !

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි

colombotoday