Colombo Today Local News

ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියා වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්වෙයි

රත්මලානේ සිදු වු වෙඩි තැබීමකින් තුවාල ලැබූ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ නාගරික මන්ත්‍රී කේග රන්ජන් ද සිල්වා මහතා දකුණු කොළඹ ශික්ෂණ රෝහලට රැගෙන යමින් සිටියදී අද (24) මියගොස් ඇති බව පොලිසිය පවසයි.

සිය නිවසේ මිදුලේ වාඩි වී හිතවතුන් සමඟ කතා කරමින් සිටියදී නාගරික මන්ත්‍රීවරයා මෙසේ වෙඩි ප්‍රහාරයට ලක් වී ඇති අතර මරණකරුගේ සිරුරේ වෙඩි ප්‍රහාර 12 ක් පමණ දක්නට ඇතැයි පොලීසිය කියයි.

නාඳුනන පිරිසක් මෝටර් රියකින් පැමිණ ටී -56 ගිනි අවියක් භාවිතා කර වෙඩි තැබීම සිදු කර ඇති බවත් මරණකරුගේ සිරැරේ වෙඩි ප්‍රහාර දොළහක් පමණ දක්නට ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇත්තේ ක්‍රිකට් ක්‍රීඩක ධනංජය සිල්වාගේ පියාණන්ය.

Related posts

ජනපතිගේ අණ තුට්ටුවක ගණන් නොගනී.. රවී හිතුමතේ වැඩ.. මතගැටුම තවත් උග්‍ර අතට

colombotoday

ඉසුරු බණ්ඩාර හා දයාසිරි ජයසේකරගේ දුරකථන හඬපටය ගැන බන්ධනාගාරයෙන් නිවේදනයක්

Admin

බස් රියදුරාගේ බත් පාර්සලයෙන් හෙරොයින් මතුවෙයි

Admin

අයිස් හා ගංජා බෙදා හරින අයියා මලෝ මාට්ටු

colombotoday

ජනාධිපති කොමිසමේ ලේකම් ලැසිල් ඉවතට

colombotoday

මහා බදු වංචාවක්.. එන්රික් ගෙන්වූ සංගා-මහේලගේ සමාගම බ්ලැක් ලිස්ට්

colombotoday