Colombo Today Local News

බොහෝ දේශපාලඥයන් භාර්යාව නිසා පිරිහෙනවා.. එලීනාගේ ගුණ වයමින් අගමැති කියයි.

කාන්තාවන් පිළිබඳව විශේෂ අවධානයක් යොමුව ඇති මෙවැනි කාල වකවානුවක එලීනා ජයවර්ධන වැනි නිහතමානී කාන්තාවක් පිළිබඳ කෘතියක් එළිදැක්වීම ඉතා කාලෝචිත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවසීය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවති ප්‍රදීප් ජයවර්ධන මහතා විසින් රචිත “ප්‍රජාතන්ත්‍රවාදයේ ඒකාධිපතියා – ජේ. ආර්. ජයවර්ධන යුගයේ නොපළ කතා” කෘතිය සහ සාගරිකා දිසානායක මහත්මිය විසින් රචිත “එලීනා ජයවර්ධන – චරිතයක කථාවක්” යන කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යතුමා මේ බව සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා මෙසේ ද කීය,

“ඇත්ත වශයෙන්ම මම සන්තෝෂ වෙනවා මෙම කෘතීන් එළි දැක්වීමේ අවස්ථාවට එක්වීමට ලැබීම ගැන. මම පාසල් යන අවධියේ නැවතිලා හිටියේ ජේ.ආර්. ජයවර්ධන මහතා ගේ නිවසට ආසන්න නිවසක. එතන තවත් වෛද්‍ය ශිෂ්‍යයන් පිරිසකුත් හිටියා. මම එතුමිය දැක්කේ ඒ දවස් වල. ඇය ඉතාම නිහතමානී චරිතයක්. එලීනා මැතිනිය ගැන කෘතිය එළි දැක්වීම කාලෝචිත ක්‍රියාවක්. අද ගොඩක් දේශපාලනඥයින් පිරිහෙන්නේ ඔවුන්ගේ භාර්‍යාවන් නිසයි. මේ පොත කාන්තාවන් කියවන්න. එය කාන්තාවන්ට ඉතා වැදගත් වනු ඇතැයි ” අග්‍රාමාත්‍යතුමා පැවසීය.

බස්නාහිර පළාත සහිත කොළඹ සහ නව තොටමුණේ උප ප්‍රධාන සංඝනායක පූජ්‍ය ගැටහැත්තේ සෝභිත නායක හිමි, ජපානය ප්‍රමුඛ අග්නිදිග ආසියාවේ ප්‍රධාන සංඝනායක පැල්පොල විපස්සී නායක හිමි ඇතුළු ගරුතර මහා සංඝරත්නය හා හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් හා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාව සඳහා එක් වූහ.

Related posts

නිකවැරටියේ සියලු වෙළෙඳසැල් දින තුනක් වසා දමයි

colombotoday

බදු ගැටලු කඩිනමින් විසඳන්න අලුත් උසාවියක් පිහිටුවීමට රජයේ අවධානය

Admin

“එකතු කළ අගය මත බද්ද වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් ශ්‍රී ලංකාවට නැහැ”

colombotoday

අගමැති දුන් වෙඩි නොවදින රථය ප්‍රතික්ෂේප කළ හේතුව කාදිනල්තුමන් කියයි…

colombotoday

මං ජනාධිපති වුනොත් මීට වඩා හොදින් රට පාලනය කරනවා. මා ජනාධිපති කරන වගකීම ජනතාව අතේ..

colombotoday

බෝතල් කටු ඇනී මිය ගොස් සිටි දරුවාගේ මරණයට අත්අඩංගුවට ගත් සැකකරු රිමාන්ඩ්

Admin