Colombo Today Local News

පොහොර හිඟයට හේතුව යහපාලනය පොහොර ආනයනකරුවන්ට මුදල් නොගෙවීමයි

රට පුරා පොහොර හිඟයක් මතුව ඇත්තේ පසුගිය රජය විසින් පොහොර ආනයනකරුවන්ට රුපියල් බිලියන විසිතුනකට අධික මුදලක් නොගෙවීම නිසා මිස සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න කියන පරිදි ගෙවතු වගාව නිසා නොවේ යැයි මහවැලි, කෘෂිකර්ම, වාරිමාර්ග හා ග්‍රාමීය සංවර්ධන ඇමැති චමල් රාජපක්ෂ පැවැසීය.

ගෙවතු වගාවන්ට ජනතාව උනන්දු වීමත් සමග රටපුරා පොහොර හිඟයක් මතුව ඇති බවට නාමල් කරුණාරත්න මහතා සති අන්ත පුවත්පතකට කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් චමල් රාජපක්ෂ ඇමැතිවරයා කරුණු පැහැදිලි කරමින් මේ බව පවසා තිබේ.

එම පැහැදිලි කිරීමේ මෙසේද සඳහන්ය.

දුෂ්කරතා මැද වුව සාර්ථකව ක්‍රියාත්මක වෙන සෞභාග්‍ය ගෙවත්තේ අපේක්ෂාව වූයේ දෛනික පරිභෝජනය සඳහා අවශ්‍ය ආහාර ගෙවත්තෙන්ම සපයා ගැනීමට අවශ්‍ය පරිසරය සැකසීමයි.

ඉවතලන කුණුරොඩු, ඉඳුල් සහ දිරාපත්වන ද්‍රව්‍ය ආදිය යොදාගනිමින් කාබනික පොහොර සකසා ගැනීම වඩාත් සුදුසු බව අප විසින් බීජ නිකුත් කරන පැකැට්ටුවෙහිද මුද්‍රණය කොට ඇත.

වස විස නැති ගෙවත්තක් සඳහා කාබනික පොහොර යොදා ගැනීම අතිශය සාමාන්‍ය කරුණකි. එවන් තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රකාශ කිරීම කනගාටුවට කරුණකි.

පසුගිය රජය විසින් පොහොර ආනයනකරුවන්ට රුපියල් බිලියන විසිතුනකට අධික මුදලක් ගෙවීමට තිබියදී රජය මැදිහත් වී පොහොර ආනයනකරුවන්ට ගෙවිය යුතු මුදලින් කොටසක් ගෙවා ඔවුන් නැවත පොහොර ආනයනයට යොමු කළා.

එසේම තවත් තිබූ පොහොර සාම්පල් පරීක්ෂාවද කඩිනම් කිරීමට අවශ්‍ය පියවර ගත්තා.

මේ වන විට යල කන්නයේ ගොවිතැන සඳහා අවශ්‍ය ප්‍රමාණයට පොහොර ඇත. යම් ගැටලුවක් පවතින්නේ ගොඩ ගොවිතැන සඳහා බොහෝ ගොවීන් භාවිත කරන මිශ්‍ර්‍ර පොහොර වෙනුවෙන්ය.

දැනට රටේ පවතින තත්ත්වය අනුව පොහොර ප්‍රවාහනයට සහ ඒ වෙනුවෙන් සේවකයන් යොදවා ගැනීම ගැටලුවක් බවට පත්ව ඇත. මේ බව ගොවිජනතාව හොඳින් අවබෝධ කර ගත යුතුයි.

Related posts

බස් රථ තුළ වෙළෙඳාම් කිරීම තහනම් !

colombotoday

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

colombotoday

ගිනි අවියක් පුපුරා පුද්ගලයකු මරුට

Admin

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

colombotoday

කතානායක ඉවතට?

colombotoday

“යහපාලනය වනාහී හිරුණිකා විසින් නඩු අසා දඩුවම් දීමය” කළු ඩිෆෙන්ඩර් ගැන විමල් කියන කතාව

colombotoday