Colombo Today Local News

එල්.ටී.ටී.ඊ. ත්‍රස්ත සංවිධානයේ භාෂා පරිවර්තක වේලුපිල්ලේ මියයයි

එල්ටීටීඊ සංවිධානයේ භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ ජෝර්ජ් මාස්ටර් හෙවත් වේලුපිල්ලේ කුමාර් පංචරත්නම් ජීවිතක්ෂයට පත්ව තිබේ.

යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ මොහු , මිය යන විට අසූ පස් වන වියෙහි පසු විය.

කෝපායි ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක රැඳී සිටියදී ඊයේ (05)දින පස්වරුවේ ඇතිවූ හදිසි හෘදයාබාධයක් හේතුවෙන් ජෝර්ජ් මාස්ටර් මෙසේ මියගොස් ඇති බව පොලිසිය පවසයි.

හිටපු තැපැල් නිලධාරියකු වන ජෝර්ජ් මාස්ටර් එල්ටීටීඊ සංවිධානය ක්‍රියාකාරීව පැවති සමයේ එම සංවිධානයේ ප්‍රධාන භාෂා පරිවර්තකයා ලෙස කටයුතු කළ අතර ඔහු කොටි සංවිධානය දේශපාලන අංශ නායක තමිල් චෙල්වම් සමග ද සමීපව කටයුතු කර තිබේ.

යුද්ධය නිමාවේ යුදකලාපයෙන් පිටව අනාථ කඳවුරකට පැමිණීමෙන් පසු අත්අඩංගුවට පත්වූ ජෝර්ජ් මාස්ටර් නීතිපති උපදෙස් මත හත්වසරකට පසු 2016 ජුලි 04 දා ඇප මත මුදා හරිනු ලැබුණි.

ජාත්‍යන්තර අර්බුද පිළිබඳ සමූහයේ ජ්‍යෙෂ්ඨ උපදේශක ඇලන් කීනන් මේ පිළිබඳ තබා ඇති සටහනක දැක්වෙන්නේ ජෝර්ජ් මාස්ටර් සමඟ බොහෝ රහස් ද වැළලී යනු ඇති බවය.

Related posts

ශ්‍රී ලංකන් විකිණීමට අර්ජුන් මහෙන්ද්‍රන් අත ගසයි (Exclusive)

colombotoday

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

colombotoday

මෛත්‍රී ගොඩගියේ එජාප ඔරුවේ නැගලයි – මන්ත්‍රී කාවින්ද ජයවර්ධන

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහළට

Admin

කොවිඩ් එන්නත මුදලට විකිණීමේ කූට ජාවාරම්ක්

colombotoday

හිරු සළකුණෙන්, දෙරණ 360න් එඩිතර සජිත් පැන දුවයි !

colombotoday