Colombo Today Local News

කොවිඩ් එන්නත මුදලට විකිණීමේ කූට ජාවාරම්ක්

ඇතැම් කූට ජාවාරම්කරුවන් කොවිඩ් මර්දන එන්නත හොර රහසේ මුදලට විකිණීමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු ලැබී ඇතැයි සෞඛ්‍ය අංශ නිලධාරීහු පවසති.

මේ ජාවාරම්කරුවන් පිළිබඳව පොලීසිය දැනුවත් කර ඇතැයිද ඔවුහු සඳහන් කරති.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසන්නේ එන්නත් ලබා ගැනීම සඳහා කිසිදු පුද්ගලයකුට මුදල් ගෙවීමක් නොකරන ලෙසයි.

තමන්ගේ ප්‍රදේශවල මෙවැනි ජාවාරම් සිදු වන්නේ නම් වහාම ළඟම ඇති පොලිසියට දැනුම් දෙන ලෙස සෞඛ්‍ය අංශ ප්‍රධානීහු ජනතාවගෙන් ඉල්ලීමක් කරති.

එන්නත් තවත් තොග ඉදිරියේදී ලැබීමට නියමිත හෙයින් එන්නත් පිළිබඳව කිසිදු බියක් ජනතාව ඇති කර ගත යුතු නැතැයි සෞඛ්‍යය අමාත්‍යාංශය පවසයි.

Related posts

වැල්ලම්පිටිය, සිංහපුර නාඳුනන පිරිමි මළ සිරුරක්

Admin

කෘෂිකර්ම රාජ්‍ය ඇමැති ධූරයේ දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර ශ්‍රීලනිපයෙන් පන්නයි

colombotoday

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට පොලිස් විශේෂ කාර්ය බලකාය යොදවයි

colombotoday

ලංකාවේ නමත් අරන් රාවණා-1 උඩුගුවණට…

colombotoday

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

මහ සගරුවණ, මහා ජන ගගක් මැද සිව් හෙළේ මහ සමුළුව ඇරඹෙයි (සජීවි විකාශය)

colombotoday