Colombo Today Local News

රුධිරය පරිත්‍යාග කරන්නැයි ඉල්ලීමක්

රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක්කර තිබේ.

සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කළ ද කොවිඩ් -19 වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

“රුධිර ඒකක 12,000ක වගේ මට්ටමක අපේ ආරක්ෂිත රුධිර සංචිත ප්‍රමාණය පහුගිය කාලයේ පවත්වාගෙන ගියා. නමුත් මේ වෙනකොට 8,000කට කිට්ටු මට්ටමකට පත්වෙලා තියෙනවා. කොවිඩ් නිසා මේ තත්ත්වය වඩා දරුණු වෙලා තියෙනවා. රුධිරය ඒකරාශී කරගැනීමේදී ඉතාම ආරක්ෂාකාරී පරිසරයක් තුළ තමයි ඒ කටයුතු සිදු කරන්නේ. ඒ නිසා රුධිරය පරිත්‍යාග කරන්න බය වෙන්න අවශ්‍ය නෑ.”

Related posts

ප්‍රශ්නයක් අහපු ගමන් ලිච්ඡවී පැන දුවනවා.. කිමද නාවේ ඇයි නාවේ අපි බලන් ඉන්නවා

colombotoday

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

colombotoday

ත්‍රිකුණාමලය, චීන වරාය ගුවන් හමුදා කඳවුර භූමියට පුහුණු ගුවන් යානයක් කඩා වැටී දෙදෙනෙක් මරුට

Admin

අන්තර්කාලීන ආණ්ඩුවකට කල යෝජනාවට යහපත් ප්‍රතිචාර – විමල් වීරවංශ

colombotoday

ඒකාබද්ධ විපක්ෂය ස්වාධීන වෙයි.. විපක්ෂ නායකකමට දිනේෂ් ගුණවර්ධන !

colombotoday

පොතුවිල් වැඩ බලන මහේස්ත්‍රාත් නීතිඥ රාසික් රොට්ටකුලම වැව් රක්ෂිතය වනසයි. | කරුණු සොයන්න ඥානසාර හිමිත් යති.

colombotoday