Colombo Today Local News

පොලිස් කොස්තාපල්වරයෙකු ගෙළ වැළලා ගනී

මාදම්පේ පොලීසියට අනියුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකු පොලිස් ස්ථානය අසල ගසක ගෙළ වැළලාගෙන මිය ගොස් තිබේ.

අද (16)දින අළුයම මිය ගොස් සිටි මෙම කොස්තාපල්වරයාගේ සිරුර සොයා ගෙන තිබුණි.

මෙලෙස මිය ගොස් ඇත්තේ යාපනය, කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

හලාවත වැඩ බලන මහේස්ත්‍රාත් චානක උදයංග මහතා සහ හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී රමේෂ් අලගියවන්න මහතා සිද්ධිය වූ ස්ථානයට පැමිණ මූලික විමර්ශන කටයුතු සිදු කර තිබේ.

අනතුරුව මිය ගිය අයගේ මරණය සම්බන්ධයෙන් පශ්චාත් පරීක්ෂණයක් සිදු කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස වැඩ බලන මහේස්ත්‍රාත්වරයා අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කර ඇත.

මාදම්පේ පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

දෙමල සන්ධානය හෙට පාර්ලිමේන්තු නොඑයි…!!

colombotoday

ප්‍රසන්න රණතුංගගේ ප්‍රකාශය ගැන පරීක්ෂණයක් ඉල්ලා පියතුමන්ලා පිරිසකගෙන් සී.අයි.ඩීයට පැමිණිල්ලක්

colombotoday

කොළඹ ඉඩම් ගොඩකිරීම ජනපති තහනම් කරයි

colombotoday

රණ විරුවෙකු අධිකරණයට කැදවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

colombotoday

පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්‍රමාණය අඩුකිරීමට සාකච්ඡා

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday