Colombo Today Local News

රණ විරුවෙකු අධිකරණයට කැදවන්නැයි කළ ඉල්ලීම මුලතිව් මහේස්ත්‍රාත් ප්‍රතික්ෂේප කරයි

අවසන් යුද සමයේදී ආරක්ෂක හමුදාව වෙත බාර වූ බව කියන එල්.ටී.ටී.ඊ සංවිධානයේ දේශපාලන නායක සින්නදුරෙයි ශෂිදරන් හෙවත් එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදහන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විභාග වන නඩුවට යුද හමුදාවේ 58 වන සේනාංකය බාරව සිටි මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා අධිකරණය හමුවට කැදවන්නැයි කරන ලද ඉල්ලීම මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (30) ප්‍රතික්ෂේප කළේය.

අදාළ ඉල්ලීම සිදුකර ඇත්තේ එලීලන් නමැත්තාගේ බිරිඳ වන උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂිදරන් විසින්.

ඇය විසින් ගොනු කර ඇති හබයාස්කෝප් නඩුව මුලතිව් මහේස්ත‍්‍රාත් අධිකරණයේ දී ඊයේ විභාගයට ගත් අවස්ථාවේ දී මහේස්ත‍්‍රාත් එම්. සම්සුඞීන් මෙම නියෝගය නිකුත් කළා.

යුද්ධයේ අවසන් සමයේ දී 58 වන සේනාංකය හරහා ආරක්ෂක අංශ වෙත භාර වූ බව කියන එලීලන් ඇතුළු 12 දෙනෙකු අතුරුදන් වී ඇති බව පවසමින් උතුරු පළාත් සභා මන්ත‍්‍රී ආනන්දි ශෂිදරන් ඇතුළු පිරිසක් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

Related posts

අගමැතිකම මහින්දට දෙන්න.. මෛත්‍රීගෙන් තීරණයක් !

colombotoday

කොරෝනා වැලදුනු කාන්තාවට ප්‍රතිකාර කල හෙදියක් විනෝද චාරිකාවක : දුම්රිය මැදිරියේ ගිය නාවික සෙබළුන් 50ක් නිරෝධායනයට

colombotoday

වනජීවි නිලධාරීන්ගේ වෙඩි පහරින් පුද්ගලයෙක් මරුට

Admin

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

Admin

චීනය පැය 48න් රෝහලක් හදද්දී අපේ හමුදාවත් පැය 48න් දියතලාවේ රෝහලක් හදයි !

colombotoday

දුම්රිය වර්ජනය අවසන්

colombotoday