Colombo Today Local News

තියුණු ආයුධ සමඟ කොල්ලකෑමට ගිය කල්ලියක් අල්ලයි

තියුණු ආයුධ රැගෙන ත්‍රි රෝද රථයකින් ගොස් කොල්ලකෑමට තැත් කළ තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන් සමඟ රුපියල් ලක්ෂ 7 කට අධික වටිනා හෙරොයින් මත්කුඩු තොගයක්, කඩුවක් තහනම් පිහියක්, මාංචු කුට්ටමක්,9 එම් එම් වර්ගයේ ජිව උන්ඩ 25ක් හා 845 වර්ගයේ ජිව උණ්ඩ 01 ක් පොලිස් භාරයට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.

අත්අඩංගුවට පත් වූවන් අතර වඩු කාර්මිකයෙකු මෝටර් කාර්මිකයෙකු ද වන බව පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මීට පෙරද විවිධ අපරාධ සඳහා පොලිස් අත්අඩංගුවට පත්වූවන් බවත් පොලිසිය කියයි.

සැකකරුවන් බණ්ඩාරගම හොරණ පදිංචිකරුවන් වන අතර ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ගෝඨාබය රාජපක්ෂ ඇමරිකානු පුරවැසිභාවය සම්පුර්ණයෙන්ම ඉවත් කර ගනියි. ශ්‍රී ලංකා ගමන් බලපත්‍රයකුත් ඉල්ලුම් කරයි

colombotoday

මී උණ ව්‍යාප්තිය වැඩි වෙයි

Admin

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday

පිල්ලයාන් රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරයි

colombotoday

එජාප නායකත්වය සමග මටත් ප්‍රශ්නයක් තියනවා – එජාප මන්ත්‍රී නලින් බණ්ඩාර

colombotoday

පාස්කු කොමිසමේ සාක්ෂිකරුවන්ගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන්.

colombotoday