Colombo Today Local News

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමේ ගැසට් නිවේදනය අවලංගුයි. අනුමැතිය දී ඇත්තේ බදියුදීන්

පොල්තෙල් සහ පාම්තෙල් කලවම් කර විකිණීමට අවසරය ලබා දෙමින් 2016 වසරේ නිකුත් කරන ලද ගැසට් නිවේදනය ඉවත් කරන ලෙස පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයාට කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා උපදෙස් ලබා දෙනු ලැබීය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ ඊයේ(29)දින 73/1, ගාලු පාර, කොළඹ 03 යන ස්ථානයේ පිහිටි කර්මාන්ත අමාත්‍යාංශයේ දී දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් සමඟ පැවැති සාකච්ඡාව අතරතුර පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සමඟ සිදු කළ දුරකථන සංවාදයක දී අමාත්‍යවරයා මෙසේ උපදෙස් දෙනු ලැබීය.

මෙම ගැසට් නිවේදනය 2016 දී එවකට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය ලෙස කටයුතු කළ රිෂාඞ් බදියුදීන් මහතාගේ උපදෙස් මත පාරිභෝගික සේවා අධිකාරිය විසින් නිකුත් කොට ඇති බව ද මෙම දුරකථන සංවාදයේ දී අනාවරණය විය.

දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් පෙන්වා දුන්නේ ආනයනික පොල්තෙල් කිලෝග්‍රෑමයක් සඳහා පැවැති රුපියල් 295ක සෙස් බද්ද රුපියල් 125 දක්වා අඩු කිරීම හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තය බරපතළ ලෙස කඩා වැටුණු බව ය. මෙවැනි බදු සහනයක් යටතේ පොල්තෙල් ආනයනය සිදු කරන බැවින් දේශීය පොල්තෙල් නිෂ්පාදකයන්ට ඒ සමඟ තරඟ කළ නොහැකි බව ද ඔවුහු අමාත්‍යවරයාට පෙන්වා දුන්හ.

කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා මෙහි දී පවසා සිටියේ සිදුව ඇති මිල විකෘතියේ ප්‍රශ්නය කැබිනට් පත්‍රිකාවක් මගින් නිවැරදි කරන බව ය.

තම අමාත්‍යාංශය යටතේ පවතින ‘බිසීසී ලංකා’ රාජ්‍ය සමාගම මගින් දේශීය නිෂ්පාදකයන්ගෙන් පාලන මිලකට පොල්තෙල් මිලදී ගැනීම, පොල්තෙල් වෙනුවට කොප්පරා ආනයනය කර දේශීය පොල්තෙල් නිෂ්පාදකයන් හරහා පොල්තෙල් නිපදවීම, පොල්, ගෙඩි වශයෙන් අපනයනය නතර කිරීම වැනි දේශීය පොල්තෙල් කර්මාන්තය නඟා සිටුවීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා බව ද මෙහි දී අමාත්‍ය විමල් වීරවංශ මහතා අවධාරණය කළේය.

Related posts

සංචරණය ලිහිල් කළ කාලයේදී 7 දෙනෙක් මග මරුවන්ට බිලි

colombotoday

ආරක්ෂක අමාත්‍යංශයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

දුම්රියවල ආරක්ෂාව දැඩි කිරීමට පියවර ‍

colombotoday

ආරච්චිකට්ටුවේ දී ත්‍රිරෝදයක් දුම්රියක ගැටී පුද්ගලයෙ මරුට

Admin

තිත්ත වුණත් ඇත්ත දැනගන්න ඕන… පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Admin

මහින්ද පිලේ මන්ත්‍රීවරියන් පක්ෂයේ ලිපි ඉරයි.. ලිපි ඉරපු අය නෙරපනවා – මහලේකම් කියයි!

colombotoday