Colombo Today Local News

පුරාවිද්‍යා රක්ෂිතයක නිධන් සොයා කැණීම් කළ පුද්ගලයින් 8දෙනෙකු අත්අඩංගුවේ

මොනරාගල දිස්ත්‍රික් පුරා වස්තු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් තණමල්විල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශයේ අරඹෙකෙම ප්‍රදේශයේ දී ඊයේ (31)දින දහවල් සිදුකළ වැටලීමකදී නිධන් සොයා කැණීම් කල පුද්ගලයන් අට දෙනෙකු උපකරණ තොගයක් ද සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් විසින් අරඹෙකෙම විහාරස්ථානය ඉදිරිපිට පුරාවිද්‍යා රක්ෂිතයේ පොකුණක් ආශ්‍රිතව ඇඳිරි නීතිය අවස්ථාවේ දී මෙම කැණීම් සිදුකර ඇති අතර පොලීසියට ලද තොරතුරක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 50-60 අතර වයස්වල පසුවන කලුතර, පානදුර, තිස්සමහාරාමය සහ පන්නෙගමුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක් බව පොලිසිය කියයි.

ඔවුන් සන්තකයේ තිබී කැණීම් සඳහා යොදාගත් ඩෙටනේටර් නවයක්, වෙඩි බෙහෙත්, ගල් විඳින උපකරණයක්, සවල්, අලවංගු ඇතුළු උපකරණ රැසක් ද පොලිස් භාරයට ගෙන තිබේ.

සැකකරුවන් විසින් කැණීම් සිදුකළ ස්ථානයේ විශාල වලක් හාරා පොකුණ විනාශ කරමින් කැණීම් සිදුකර ඇති බව පොලිසිය පැවසීය.

සැකකරුවන් ඉදිරි විමර්ශන සඳහා තණමල්විල පොලීසිය වෙත භාර දී ඇති අතර එම සැකකරුවන් අද (1)දා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Related posts

අන්තර් පළාත් පොදු ප්‍රවාහන සේවය අත්‍යවශ්‍ය රාජකාරීවලට යන අයට පමණයි

colombotoday

මන්නාරමේ කතෝලික පල්ලියකට ප්‍රහාරයක්.. මුස්ලිම් තිදෙනෙක් අත්අඩංගුවට !

colombotoday

TNA ශ්‍රීධරන්ගේ ගල් පැළෙන බොරුවලට ආරක්ෂක ඇමති පිළිතුරු දෙයි

colombotoday

චීනයට අපහාස කර, ජනපතිවරයාවත් තුට්ටුවට දැමූ මුදල් ඇමති නෙරපා දමන්න ජනපතිට බැරි ඇයි

colombotoday

පාස්කු නිර්දේශ: සහරාන් මැතිවරණ ක්‍රියාවලියට සහභාගී වෙලා නෑ. එනිසා ඡන්දය ප්‍රකාශ කිරීම අනිවාර්ය කරන්න. නොකලොත් දඩ ගහන්න.

colombotoday

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

colombotoday