Colombo Today Local Newsextremism & terrorism activities

පාස්කු ප‍්‍රහාරයට වසරයි. තොවිලයේ නියම යක්කුන් භූතයින් එළියට එයි.

ආගමික ඇන්දවීම අනුව කන්‍යාවන්ගේ පහස ප‍්‍රාර්ථනා කරමින් සහරාන් හෂීම් ඇතුළු නරුම කල්ලිය මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාර මාලාවක් එල්ලකරමින් සිදු කළ මහා මිනිස් ඝාතනයට අනිද්දාට වසරකි.

මෙම ම්ලේච්ඡු ප‍්‍රහාරයේදී මෙරට කිතුණු බැතිමතුන් සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් ත‍්‍රස්තවාදීන්ගේ පැහැදිලි ඉලක්කය විය. එනිසාම පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අගරදගුරු අතිඋතුම් කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ ඒ ම්ලේච්ඡුත්වය පිළිබ`ද සුවිශේෂී හ`ඩක් මතුකරන්නට වූහ.

එහිදී උන්වහන්සේ පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදුකෙරුණු විමර්ශන දෙස බලා සියල්ල අයාලේ යන බව වටහා ගනිමින් ඍජුවම පසුගිය යහපාලන ආණ්ඩුවට ඇ`ගිල්ල දිගු කළ අවස්ථාද බොහෝය.

අගරදගුරු හිමියන් දැඩිව කියා සිටියේ පාස්කු ප‍්‍රහාරය පිළිබ`ද නිසි විමර්ශනයක් සිදු නොකෙරෙන බවය. ඒ දිනවල මේ විමර්ශනය භාර වූයේ සීඅයිඞීයේ රජකළ ශානි අබේසේකර ඇතුළු කුජීත කල්ලියටය.

එහිදී පාස්කු ප‍්‍රහාරය ගැන සෙවීම කෙසේ වෙතත් ශානි අබේසේකර ඇතුළ කල්ලිය යහපාලනයේ තුප්පහි සමනළ දේශපාලනයට අනුව මල්ල අතට ගෙන තරු පටි වෙනුවෙන් කඬේ නොව පොළේ ගිය බව දැන් රටට අනාවරණය වී අවසන්ය.

ශානි අබේසේකරලා එසේ නොකළේ නම් මාවනැල්ලේ බුදුපිළිම කඩාබි`ද දැමීමේ සිදුවීමෙන් පසු සිදු කළ විමර්ශන අනුව වනාතවිල්ලූව ප‍්‍රදේශයෙන් සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් ත‍්‍රස්තයන්ගේ පුපුරණ ද්‍රව්‍ය ගබඩාව හසුවූ අවස්ථාවේ ප‍්‍රහාරයට පෙර සහරාන් හෂීම් කොටුකර ගැනීමට හො`දටම අවස්ථාව තිබුණු බව පසුව කියැවිණි. ශානි අබේසේකරලා කටයුතු කරනු ලැබුවේ එසේය. සිදුවිය යුතු දේ සිදු නොවීය. එහි අවසානය වූයේ පාස්කු ඉරිදා දිනයේ බැතිසිතින් දේවස්ථාන වෙත පැමිණි කිතුණු ජනතාව මහා බිහිසණු ප‍්‍රහාරයකට  ගොදුරු වීමය. ශානි අබේසේකර ඇතුළු කල්ලියේ මේ හැසිරීමට ප‍්‍රධාන හේතුව වූයේ මුස්ලිම් දේශපාලනඥයන්ගේ වුවමනාවන්ට අනුව කටයුතු කිරීම බව පාස්කු ප‍්‍රහාරයෙන් පසු එක්තරා නියෝජ්‍ය පොලිස්පතිවරයකුද චෝදනා කළේය.

අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ද එදා යහපාලන රජයට චෝදනා එල්ල කරනු ලැබුවේ මේ තත්ත්වය තුළය. එදා එසේ කළ උන්වහන්සේ පාස්කු ප‍්‍රහාරයට වසරක් පිරෙමින් තිබියදී ඉකුත් බ‍්‍රහස්පතින්දා මෙරට සමස්ත කිතුණු ජනතාව අමතමින් වත්මන් තත්ත්වය හමුවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මියගිය ජනතාවගේ වර්ෂ පූර්ණය විනාඩි දෙකක නිශ්ශබ්ධතාවකින් සමරණ ලෙස දැනුම් දුන්හ.

එසේ පැවසූ උන්වහන්සේ එහිදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන පිළිබ`ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ප‍්‍රධාන වත්මන් රජයට තුති පුදන්නටද අමක නොකළහ.

එදා යහපාලනය රජයට චෝදනා එල්ල කළ අගරදගුරු හිමියන් මේ අන්දමට වත්මන් රජයට තුති පුදකරනු ලැබුවේ කුමක් නිසාද? පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබ`ද වත්මන් විමර්ශන නිවැරදි මාවතට අවතීර්ණ වී තිබෙන බව උන්වහන්සේට හැ`ගීම ඊට හේතු වූවා වන්නට ඇත.

පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබ`ද විමර්ශන සිදු කරන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ වත්මන් විමර්ශකයෝ එක්තරා සුවිශේෂී කඩඉමකට එම විමර්ශන කටයුතු රැුගෙන එන්නට ඉකුත් සතියේ සමත් වූහ.

ඒ පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් ත‍්‍රස්තවාදීන් සම`ග සමීප සබ`දතා පැවත්වූ බව අනාවරණය කරගනිමින් මන්නාරමේ දේශපාලන නොසන්ඩාලයකු වූ හිටපු ඇමැති රිසාඞ් බදියුදීන්ගේ සොහොයුරා වන රියාජ් බදියුදීන් සහ රිෂාඞ් බදියුදින්ගේ නීතිඥවරයා බව කියන හිජාස් හිස්බුල්ලා ඇතුළු සිව්දෙනකු අත්අඩංගුවට ගනිමිනි.

මෙහිදී හිජාස් හිස්බුල්ලා පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුවන් දෙදෙනකු සම`ග සමීප සබ`දතා පවත්වා ඇති බවත් රියාජ් බදියුදීන් සහ ඔහු සම`ග අත්අඩංගුට ගත් තවත් අයකු පාස්කු බෝම්බකරුවන් සමීපව ඇසුරු කර ඇති පොලිසිය අනාවරණය කරගෙන ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මාධ්‍යයට පවසනු ලැබීය.

එසේම අනෙක් සැකකරු කොළඹ කොච්චිකඬේ දේවස්ථානයට ප‍්‍රහාරය එල්ල කළ බෝම්බකරුට ආධාර අනුබල දී ඇති බවද හෙතෙම අනාවරණය කළේය.

මේ අත්අඩංගුවට ගැනීම සිදුවීමත් සම`ග සිය නිල ෆේස්බුක් ගිනුම හරහා සමාජය ඇමතූ හිටපු ඇමැති රිසාඞ් බදියුදීන් නම් කීවේ තමන්ගේ සොහොයුරා කිසිදාක ත‍්‍රස්තවාදීන් හා සබ`දතා නොපැවත්වූ බවය.

සිදුව තිබෙන්නේ දේශපාලන පලිගැනීමක් බවද කී හේතෙම එයට එරෙහිව නීතිය ඉදිරියට යන බවද සිය ෆේස් බුක් පිටුවේ ස`දහන් කරනු ලැබීය.

එහෙත් එල්ටීටීඊය එදා මන්නාරමේ මුස්ලිම් ජනතාව බලහත්කාරයෙන් එලවා දමද්දී සිය පවුලේ සාමාජිකයන් ඇ`දිවත පිටින් පුත්තලමට පැමිණ දේශපාලනයට පිවිසීමෙන් පසු අද දවසේ ප‍්‍රකෝටිපතියන් සේ වැජඹෙන හිටපු ඇමැති රිසාඞ් බදියුදීන් උතුරා යන සොයුරු පෙමින් එසේ පවසද්දී පසුගිය කාලයේ ‘දිවයින’ට පැමිණි බදියුදීන් පවුලේ සමීප ඥාතියකු අපට කීවේ කුමක්ද?

ඔහු පැමිණ රිසාඞ් බදියුදීන්ගේ පැටිකිරිය දිගහරින අතරේ අප සම`ග කීවේ රිසාඞ්ගේ සොයුරු රියාජ් බදියුදීන් යනු දේශපාලනය බලය යොදාගෙන අනුන්ගේ ඉඩම් කොල්ල කමින් අහිංසක ජනතාවට පාට් දාන හො`ද දේශපාලන චණ්ඩියකු බවය.

ඔහු එසේ කීවා පමණක් නොව පසුව ඒ අන්දමට රියාජ් බදියුදීන් කොල්ලකන ලද මන්නාරම ප‍්‍රදේශයේ පිහිටි විශාල ඉඩමක හිමිකරුවකු සම`ග එක්වී අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කර තිබූ පැමිණිල්ලකට අනුව රිසාඞ් බදියුදීන්ගේ බලය අවසන් වූ යහපාලනයේ නිමාවත් සම`ග රියාජ් බදියුදීන්ව වැලිකඩ බෝඩිමට යවන්නටද කටයුතු කළේය.

අප මෙහිදී කිසිදු පැකිලීමකින් තොරව රියාජ් බදියුදීන් යනු දේශපාලන බලය යොදාගෙන මන්නාරමේ ජනතාව තලාපෙලූ දේශපාලන නොසන්නාඩලයකු යැයි කියන්නේද මේ පසුබිම නිසාය.

සහරාන් හෂීම් ඇතුළු ඉස්ලාම් ත‍්‍රස්තයන් එල්ල කළ පාස්කු ඉරිදා බෝම්බ ප‍්‍රහාරයෙන් පසු එදා ඒ පිළිබ`ද විමර්ශන සිදු කළ සීඅයිඞීයේ ශානි අබේසේකර ඇතුළු කුජීත කල්ලියට රියාජ් බදියුදීන් හා පසුගිය දිනවල අත්අඩංගුවට ගත් අනෙකුත් තිදෙනා ත‍්‍රස්තවාදීන් හා පැවත්වූ සබ`දතා හෙළි කරගැනීමට නොහැකි වූයේ කුමක් නිසාද?

ඒ පිළිබ`ද කතා කිරීමේදී නම් සත්‍ය හෙළි කිරීම හමුවේ මේ රටේ ජනතාව ශානි අබේසේකර ඇතුළු එදා විමර්ශන සිදු කළ සීඅයිඞී කල්ලියේ මව්ගුණ සිහිකරනු සිකුරුය.

එදා පාස්කු ඉරිදා ප‍්‍රහාරය එල්ල වීමෙන් පසු ඒ පිළිබ`ද එක්තරා සුවිශේෂී විමර්ශනයක් ආරම්භ කිරීමට එක්තරා බුද්ධි නිලධාරීන් පිරිසක් කටයුතු කළේය. එහිදී ඔවුන්ගේ ඉලක්කය වූයේ ප‍්‍රහාරය එල්ල කළ ත‍්‍රස්තවාදීන් මෙන්ම ඒ හා සම්බන්ධව නම් කියැවුණු අවශේෂ පුද්ගලයන් භාවිත කළ සයිබර් අවකාශය තුළ ඇති සමාජ ජාල පිළිබ`ද නිරීක්‍ෂණයක යෙදීම විය.

ඒ අනුව ඔවුහු සයිබර් අවකාශය පීරමින් වට්ස් ඇප්, මැසෙන්ජර්, ඉන්ස්ට ග‍්‍රෑම්, ෆේස් බුක් සහ ලොව පුරා ඉස්ලාම් ත‍්‍රස්තයන් වැඩිවශයෙන් එකල භාවිත කළ ටෙලිග‍්‍රෑම් ආදී ලෙසින් සමාජ ජාල රැුසක තොරතුරු එක්රැුස් කර අවසානයේ සියල්ල අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත යොමු කරන්නට කටයුතු කළහ.

මේවා සොයා දුන්නේ බුද්ධි අංශ නිලධාරීන්ය. ඒ දිනවල ශානි අබේසේකර ඇතුළු කුජීත කල්ලියට බුද්ධි අංශ යන්න තිබුණේ ‘නයාට අ`දුකොළ’ කියන තැනය.

එනිසා හිතාමතා හෝ සයිබර් අවකාශයේ වූ මේ තොරතුරු අණ්ඩර දෙමළ මෙන් වීම නිසා හෝ එසේත් නැතිනම් පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සුළමුල හෙළි කිරීම එදා පැවති යහපාලනයට අයත් තුප්පහි සමනළ දේශපාලනයට උචිත නොවීම නිසා මේ පිළිබ`ද විමර්ශන කිරීමක් සිදු නොවීය.

එහෙත් ගෝඨාභය රාජපක්‍ෂ මහතා රටේ ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසු පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ සුළමුල සොයා යෑම ආරම්භ විමත් සම`ග එහි වගකීම පැවරුණු සීඅයිඞීයේ වත්මන් විමර්ශකයෝ එදා බුද්ධි අංශ විසින් ලබාදුන් සයිබර් අවකෘශයේ සංසරණය වූ අදාළ තොරතුරු පිළිබ`ද පුළුල් විමර්ශනයක් ආරම්භ කරනු ලැබූහ.

එය බිම් මට්ටම දක්වාම ඇදී ගියේය. තවමත් අදාළ විමර්ශනය සිදු වන නිසා ඉන් එහා දෙයක් ස`දහන් කළ නොහැකිය. එහෙත් මේ ආරම්භයේ අවසානයේ වූයේ කුමක්ද?

පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ ත‍්‍රස්තවාදීන් සම`ග රිසාඞ් බදියුදීන්ගේ සොහොයුරා වූ රියාජ් බදියුදීන් සහ රිසාඞ්ගේ නීතිඥයා බව කියන හිජාස් හිස්බුල්ලා ඇතුළු අත්අඩංගුවට ගත් සිව්දෙනා සමීප ස`බදතා පවත්වා ඇති බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගනු ලබන්නේ එසේ සයිබර් අවකාශයේ තොරතුරු ඔස්සේ ගමන් කිරීමෙන් පසුවය.

තවමත් ඒ ගමනේ අවසානයක් නැත. ඇතැම්විට හො`ද හො`ද සෙල්ලම් පැමිණෙන්නේ එළිවෙන ජාමයට විය හැකිය. මෙහිදී මතුවන තවත් බරපතළ ගැටලූවක් වන්නේ අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව කල්ගත වී හෝ මේ ගමන යෑමට පෙර මෙරට ඉස්ලාම් ත‍්‍රස්තවාදය පිළිබ`ද සොයා බැලීම සිදුකළ අදාළ බුද්ධි අංශ නිලධාරීන්ට මේ පිළිබ`ද හාන්කවිසියක්වත් වාර්තා නොවීමය.

එය වෙනමම කතා කළ යුතු සියලූ දෙනාගේ අවධානයට වහා යොමු වියයුතු කරුණක් බවද ඇතැම් ආරක්‍ෂක අංශ නිලධාරීන්ගේ මතය වී ඇත.

කෙසේ වෙතත් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මේ බව අනාවරණය කරගැනීමත් සම`ග රියාජ් බදියුදීන් සහ හිජාස් හිස්බුල්ලා අත්අඩංගුවට ගැනීම හමුවේ කම්පනයට පත්වූ රිසාඞ් බදියුදීන් කියන්නේ එය දේශපාලන පලිගැනීමක් බවය.

එහෙත් රිසාඞ් බදියුදීන්ලා මොන බයිලා කීවත් සත්‍ය ඇත්තේ කොතැනකදැයි සමස්ත රටවැසියන්ටම නුදුරේදීම දැන ගැනීමට හැකිවීම නම් ස්ථිරය. මන්ද අද මේ රටේ ජනාධිපතිවරයා වී සිටින්නේ ගෝඨාභය රාජපක්‍ෂය.

Divaina

Related posts

අද සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු 12.5% කින් ඉහළට

Admin

කතක් දැරණියගල ප‍්‍රාදේශීය සභාපතිගේ නාසය කපයි

colombotoday

ගෝඨාභය ජනපති කළේ ජේ.ආර් හෝ රනිල් අවසන් කළ තැනින් පටන් ගැනීමට නොවේ – වසන්ත බණ්ඩාරගේ ලිපියට සරත් වීරසේකරගෙන් පිළිතුරු

colombotoday

මීගමුව පොලිස් ස්ථානාධිපති නිරෝධායනයට

colombotoday

කාබනික කෘෂිකර්මාන්තය කරා සංක්‍රමණය වීමට ඉන්දීය සහය

colombotoday

මෙවර අයවැයේ භයානකම යෝජනාව බන්ධුල හෙළිකරයි

colombotoday