Colombo Today Local News

පාර්ලිමේන්තු සැසිවාරය ගැන තීරණයට පක්ෂ නායක රැස්වීමක්

තවදුරටත් පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීම සම්බන්ධයෙන් අද (07) දිනයේ අවසන් තීරණයක් ගැනීමට නියමිතව තිබේ.

අද පැවැත්වෙන විශේෂ පක්ෂ නායක රැස්වීමේ දී අදාළ තීරණය ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසුවේය.

කොවිඩ් – 19 වසංගත ව්‍යාප්තිය හේතුවෙන් රට තුළ හටගෙන ඇති වතාවරණය නිරික්ෂණය කරමින් පාර්ලිමේන්තු සභාවාර අඛන්ඩව පවත්වාගෙන යාමට ඊයේ (06)දින රැස්වු පාර්ලිමේන්තු කටයුතු පිලිබඳ කාරක සභාව තීරණය කළේය.

එහෙත් ඒ පිළිබඳ අවසන් තීරණය අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට පක්ෂ නායකයින් තීරණය කර තිබේ.

මේ අතර, අද සිට සියලු පාර්ලිමේන්තු කමිටු රැස්වීම් පැවැත්වීම තාවකාලිකව අත්හිටුවා ඇති බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මුදල් සංශෝධන පනත් කෙටුම්පතේ දෙවනවර කියවීම සහ ආනයන සහ අපනයන පනතට ඉදිරිපත් කර ඇති රෙගුලාසි විවාදයට ගැනීම ඊයේ පාර්ලිමෙන්තුවේ දී සිදුවිය.

එහිදි අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේ මෙරට මුල්‍ය ක්ෂේත්‍රයේ දුර්වල කාර්යය සාධනය හේතුවෙන් දැඩි ආර්ථික පරිහානියක් සිදුව ඇති බවය.

Related posts

අයිස් තොගයක් සමඟ අංගොඩ කාන්තාවක් STF අත්අඩංගුවට

Admin

ලංකාවෙන් පලස්තීනයට ඉඩම් පරිත්‍යාගයක් !

colombotoday

සරණ ගුණවර්ධන වැරදිකරු කරමින් සිර දඬුවම් නියම කෙරේ !

colombotoday

හෙරොයින් ජාවාරම් කිරීම සම්බන්ධයෙන් තවත් නාකොටික් නිලධාරීන් 11ක් අත්අඩංගුවේ

colombotoday

නව කැබිනට් මණ්ඩලයේ කිසිදු තනතුරක් බාරගන්නේ නෑ – හිටපු අමාත්‍ය රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා පවසයි.

colombotoday

මහජන නියෝජිතයින් පී.සී.ආර්. පරීක්ෂණවලින් කට්ටි පනියි

colombotoday