Colombo Today Local News

මහජන නියෝජිතයින් පී.සී.ආර්. පරීක්ෂණවලින් කට්ටි පනියි

කොවිඩ් 19 අසාදනය වී ඇත්ද යන්න සම්බන්ධයෙන් පී.සී.ආර්. පරීක්ෂණ වලට යෙමුවන්න‘යි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් දිගින් දිගටම ආයාචනය කරයි. පාර්ලිමේන්තුවේ මෙතෙක් සිදුකළ පීසීආර් පරීක්ෂණ සඳහා සහභාගි වී ඇත්තේ ආණ්ඩු පක්ෂ සහ විරුද්ධ පක්ෂ මන්ත්‍රීවරු 90 දෙනෙක් පමණ බවද වාර්තා වේ.

පසුගිය දිනවල පාර්ලිමේන්තුවෙන් කොවිඩ් -19 ආසාදිතයින් 4 දෙනකු හඳුනාගැනීමෙන් පසු පාර්ලිමේන්තුව තුළ පීසීආර් පරික්ෂණ සිදුකිරිමට තීරණය කරන ලදි. එහෙත් නිල නොවන ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි අද (26)දින වන විට පාර්ලිමේන්තු පොකුරෙන් හමුවූ ආසාදිතයින් සංඛ්‍යාව 6 දක්වා ඉහළ ගොස් ඇතැයි ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි.

මෙම කරුණ හේතුවෙන් කතානායකවරයා සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත්තේ පී.සී.ආර්. පරීක්ෂණ කරගනිමින් වෛරසය පැතිර යාම හැකි තරම් පාලනය කරගන්නා ලෙසයි. එහෙත් නියමිත ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇත්තේ ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වීම ඉතා පහළ මට්ටමක පවතින බවයි.

වෛරසය අසාදනය වූ මන්ත්‍රීවරුන් සමගින් ආශ්‍රය කළ සෙසු මන්ත්‍රීවරුන් කිහිප දෙනකුම තමන්ටත් වෛරසය අසාදනය වී ඇතැයි දැනටමත් බියවී සිටින බවද වාර්තා වේ.

මේ වන විට පාර්ලිමේන්තුව තුළ කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ නීතිරිතී වලට ප්‍රමුඛතාවය ලබාදී කටයුතු කරමින් අත්‍යවශ්‍ය කැබිනට් පත්‍රිකා පමණක් ඉදිරිපත් කිරීමට කතානායකවරයා තීරණය කර ඇති බවද දැනගන්නට තිබේ. වෛරසයේ පැතිරීම පාලනය කරගන්නා තුරු අනෙකුත් අත්‍යවශ්‍ය නොවන කටයුතු සියල්ලම සීමා කර ඇත.

කතානායකවරයාද මහජනයා වැඩිපුර ගැවසෙන ස්ථානවලට යාම සීමා කර ඇති අතර පොදු කටයුතුවලට සහභාගී නොවන මෙන් අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා ඇත. කොරෝන වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් පාර්ලිමේන්තුව රැස්වන්නේ සතියට දින දෙකක් පමණි.

ඊයේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 6 දෙනකුට කොරෝනා වෛරසය අසාදනය වී තිබිණ. එහෙත් දයාසිරි ජයසේකර සහ වාසුදේව නානායක්කාර යන මන්ත්‍රීවරු මේ වන විට පූර්ණ සුවය ලබා ප්‍රතිකාර මධ්‍යස්ථාන වලින් පිටත්ව ගොස් සිටිති.

කොරෝනා වෛරසය අසාදනය වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු

දයාසිරි ජයසේකර මහතා

වාසුදේව නානායක්කාර මහතා

පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය‍

පියල් නිශාන්ත මහතා

රවුෆ් හකීම් මහතා

වසන්ත යාපා බණ්ඩාර මහතා

Related posts

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday

SBගේ ආරක්ෂකයින් කළ වෙඩි තැබීමට ගෝඨාගේ කනගාටුව

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

යාපන අර්ධද්වීපයෙන් තරුණ තරුණියෝ 1600 යුද හමුදාවට

colombotoday

මත්පැන් මිල ඉහළට

colombotoday

ඉල්ලා අස්වෙන්න රවීගෙන් කොන්දේසි 05 ක් !

colombotoday