Colombo Today Local News

“ප්‍රයිස් නැති එන්ටර්ප්‍රයිස්” – වී කිලෝව 25 යි වී දාන මල්ල 55 යි – දිලුම් අමුණුගම

වී කිලෝවක විකුණුම් මිල රුපියල් 25 ක් වන විට වී දාන මල්ල රුපියල් 55 ක් වන බවත් වී මල්ලක් මිල දී ගැනීට නම්, වී කිලෝ දෙකක් විකිණිය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතා පෙන්වා දෙයි.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහි දී මන්ත්‍රීවරයා කියා සිටියේ අද වන විට වී කිලෝවක ගැණුම් මිල රුපියල් 25ක් වන අතර එයට සාපේක්ෂව වෙළදපොලේ හාල් කිලෝවක මිල රුපියල් 100ට වැඩි ප්‍රමාණයක් ගන්නා බවත් මෙහි නියම ලාභය උපයන්නේ ගොවියෝ නොවන අය බවයි.

මේ හේතුවෙන් අද වන විට ගොවියා වී අස්වැන්න නෙලාගෙන ජිවත් විය නොහැකි තත්වයකට පත්ව ඇති බව පැවසූ මන්ත්‍රීවරයා කියා සිටියේ තව දින කිහිපයකින් සිංහල හින්දු අලුත් අවුරුද්ද උදා වුවද ජනතාව සිටින්නේ එදා වේල ගැටගසා ගන්න බැරි තත්ත්වයක බවත් දරුවන්ට රෙදි කෑල්ලක් ගන්න, නෑ ගම් යන්න, විනෝද ගමනක් යන්න බැරි තත්ත්වයට අද මේ රටේ ජනතාව පත්වී ඇති අතර මෙම තත්ත්වයට සම්පූර්ණයෙන්ම රජය වගකිව යුතු බවයි.

මෙවර අයවැයෙන් ජනතාව වෙත ණය ලබා දීමට සූදාම් වී සම්බන්ධයෙන් මාධ්‍යෙව්දියෙකු නැගූ ප්‍රශ්ණයකට පිළිතුරු ලබා දුන් මන්ත්‍රීවරයා කියා සිටියේ,

“මෙලෙස ලබා දුන්  එක ණයක් දීපු තැනක් පෙන්වන්න.”

“එහෙම තැනක් නැහැ.”

“වික්‍රමසිංහ මහත්තයා එන්ටර්ප්‍රයිස් එන්ටප්‍රයිස් කියලා කෑ ගහනවා.”

“නමුත් කරාබුවලට, ගම්මිරිස්වලට, රබර්වලට, හාල්වලට කිසිම ප්‍රයිස් එකක් නැහැ.”

“බදුවලට විතරයි ප්‍රයිස් තියෙන්නේ.”

“ඒක තමයි එතුමාගේ ප්‍රයිස් එක.”

යනුවෙනි.

Related posts

නාගනන්ද කොඩිතුවක්කු රේගුවේ නිලධාරීන් සමග එක්ව ව්‍යාපාරිකයන්ගෙන් කප්පම් ගන්නවා

colombotoday

බිළිඳෙකුට පහර දුන් මවක් අත්අඩංගුවට

colombotoday

පෙට්‍රල්වලට භූමිතෙල් කලවම් කරන මහා පරිමාණ ජාවාරමක් හෙළිවේ.. එජාප මන්ත්‍රීගේ බවුසරය සහ ගෝලයේ අතේ මාට්ටු

colombotoday

සජිත්ගේ අලි මන්තරේඅත්හදා බැලූ තරුණයින්ට වෙච්ච දේ

colombotoday

දිස්ත්‍රික්ක 08 කට උණුසුම් කාලගුණය ගැන අවවාදාත්මක නිවේදනයක්

Admin

මද්‍රාසා පාසල්වල ක්‍රියාකාරීත්වය සොයා බලනවා | අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී එල් පීරිස්

colombotoday