Colombo Today Local News

පළවෙනි විශ්වාස භංගය හැන්සාඩ් වාර්තාවෙ නෑ… දෙවෙනි විශ්වාස භංගයදා හැන්සාඩ් වාර්තාවක් නෑ.

පසුගිය 15 වනදා අගමැතිවරයාට සහ ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගය හා අදාල සිදුවීම් පාර්ලිමේන්තු හැන්සාඩ් වාර්තාවට ඇතුළත් කර නොමැති බවට පැවසේ.

එමෙන්ම ඉන් පසුදින පාර්ලිමේන්තුවේ ඇතිවුණු තත්තවයද හැන්සාඩ් වාර්තාවට ඇතුළු කළ නොහැකි තත්වයක් උදා වී තිබේ.

කතානායකවරයා විසින් එදින කරන ලද කිසිදු ප්‍රකාශයක් පැහැදිලි නොවීම සහ විධිමත් ආකාරයට ප්‍රකාශයක් නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තුවේ හැන්සාඩ් සටහන් වාර්තා කරණයේ යෙදෙන සේවකයන් කිසිවකු එම පාර්ලිමේන්තු සිදුවීම ඇසින් නොදුටු තත්වයක් පැවතීම ද මීට බලපා තිබේ.

කතානායකවරයා සිය අසුන මත සිට ඇමතුවේ නම් එම අමතන සියලු දේ පාර්ලිමේන්තුව තුළ පටිගත කිරීමේ යන්ත්‍රවල පටිගත වන අතර එදින අමතන ලද්දේ සේවකයන්ට අමතන මයික්‍රෆෝනය නිසා එහි පටිගත කිරීම් කිසිවක් පාර්ලිමේන්තු දත්ත ගබඩාවල නැති බව ද වාර්තා වෙයි.

සාමාන්‍යයෙන් හැන්සාඩ් වාර්තාවක් නොමැති නම් එදින සැලකෙන්නේ පාර්ලිමේන්තුව නොපැවැත්වුණු දිනයක් ලෙස බව ව්‍යවස්ථාදායක විශාරදයන් කියා සිටිති.

Related posts

හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ රටට පැමිණීම ගැටළුවක් නොවේ – ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න

colombotoday

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

colombotoday

මත්පැන් පානයෙන් ශ්‍රී ලංකාව කප් ගසයි

colombotoday

වැසි නැති දවසක්

colombotoday

බදු චක්‍රලේඛය නිකුත් වෙයි… උපයන වැටුපට හරියටම බදු වදින හැටි මෙන්න

colombotoday

පුතෙක් ‘පියාට’ ජනෙල් කූරකින් පහර දී මරලා

colombotoday