Colombo Today Local News

ජනපති-අගමැති එක මතයක නෑ… කැබිනට් සංශෝධනය අවුරුද්දෙන් පසුව ?

විශ්වාස භංග යෝජනාව පිළිබඳ විවාදය අවසන්වීමෙන් පසුව සිදුකිරීමට නියමිතව තිබූ පූර්ණ කැබිනට් සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ අගමැතිවරයා තවමත් නිශ්චිත එකගතාවයකට පැමිණ නොමැති බැවින් එය තව දුරටත් කල් යනු ඇති බවට වාර්තා වනවා.

පෙරේදා (05) ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර පැවති සාකච්ඡාවේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර එහෙත් අවසන් එකඟතාවයකට පැමිණ නැති බවයි වාර්තා වන්නේ.

වත්මන් කැබිනට් මණ්ඩලයේ විෂය පථයන් බෙදීම විද්‍යාත්මක පදනමක් අනුව සිදුවී නොමැති බව ජනාධිපතිවරයාගේ මතයයි. ඒ අනුව ඉදිරියේදී සිදු කරන කැබිනට් සංශෝධනයේදී එම අඩුපාඩු මගහරවා ගනිමින් විෂය පථයන්හි වෙනස්කම් සහිතව පූර්ණ සංශෝධනයක් සිදුකිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී තිබෙන බව සදහන්.

විශ්වාස භංග යෝජනාවට පක්ෂ වූ ඇමතිවරුන් කැබිනට් මණ්ඩලයේ ඉවත් කළයුතු බවට එජාප ඇමතිවරුන්ගෙන් අගමැතිවරයාට දැඩි බලපෑම් එල්ල වී තිබෙන අතර මේ වනතෙක් ඔවුන් ඉවත් කරන්නේද යන්න සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය නිශ්චිත තීන්දුවකට පැමිණ නැත. කෙසේ වෙතත් ඔවුන් ඉවත් කිරීම සඳහා ජනාධිපතිවරයා තවමත් කැමැත්ත පළකර නොමැති අතර ශ්‍රීලනිපය පවසන්නේ ඔවුන්ගේ මතය වෙනුවෙන් ද පක්ෂය පෙනී සිටින බවයි.

වත්මන් පාර්ලිමේන්තු ව්‍යූහය තුළ තනි පක්ෂයකට ආණ්ඩු පිහිටුවීමට හැකියාවක් නොමැති බවත් ඒ නිසා ගැටලු විසඳා ගනිමින් යහපාලන ආණ්ඩුව තවදුරටත් පවත්වාගෙන යායුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

අනුර කුමාර ස්වීඩනයට

Admin

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ විරෝධතා පා ගමනකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්

Admin

“ජනතාව කොවිඩ් මාරයාට බිලි දීමේ පූර්ණ වගකීම ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව භාරගත යුතුයි”

colombotoday

තව්හිද් ත්‍රස්තයන් හම්බන්තොටදීත් සන්නද්ධ පුහුණුව ලබලා…

colombotoday

දිස්ත්‍රික්ක තුනකට නායයෑමේ අනතුරු ඇඟවීම්

Admin

“එකසත් ජාතික පක්ෂය නිසයි මේ රට නැති වුණේ” – අස්ගිරි මහ නා හිමිගෙන් දැඩි ප්‍රකාශයක්

colombotoday