Colombo Today Local News

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

නිශ්ශංක සේනාධිපති මහතා අද(03)දින දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයාබැලීමේ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.

පෙරවරු 10.00 ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස ඔහුට දැනුම් දී ඇති බව සඳහන්.

ඇවන්ගාඩ් සමාගම අත්තනෝමතික ආකාරයෙන් පවරා ගැනීම හේතුවෙන් පාඩු සිදුවූ බව පවසමින් නිශ්ශංක සේනාධිපති මහතා ජනපති කොමිසම වෙත සිදුකළ පැමිණිල්ලකට අදාලව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එම කොමිසම හමුවේ පෙනී සිටීමට නියමිතයි.

මේ අතර අලි ඇතුන් ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාලව තමන්ගේ සේවය අත්හිටවූ බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කළ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද ජනාධිපති කොමිෂන් සභාව හමුවේ පෙනී සිටියි.

Related posts

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

අම්මයි අනියම් සැමියයි ගැබිනි බිරියයි අවුරුදු 7ක දැරිය පණ පිටින් වළලලා

colombotoday

ලක්හඩ කඩා වැටේ – නිවුටන් හඩා වැටේ

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin

ඉන්දියාවෙන් ලාබෙට ගෙනා හාල්, ලංකාවේ නමින් වැඩි මිළට වෙළදපලට !!

colombotoday

” හිඟයකින් තොරව විදුලිය සපයන්න හැකියාව ලබාදෙන්න කියලා මම දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිනවා.”

colombotoday