World

නවසීලන්ත මුස්ලිම් පල්ලියේ ප්‍රහාරයෙන් මියගිය ගණන 40ක්.. වෙඩිතබා ඇත්තේ ඕස්ට්‍රේලියානුවෙක්…

නවසීලන්තයේ මුස්ලිම් දේවස්ථානයකදී එහි සිටි බැතිමතුන්ට වෙඩි තැබූ තුවක්කුකරු ඕස්ට්‍රේලියානු පුරවැසිභාවය ඇති දක්ෂිණාංෂික අන්තවාදියකු යැයි ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන්  මහතා පැවැසීය.

“ක්‍රයිස්ට්චර්ච්හිදී වෙඩි තැබීම කළේ දක්ෂිණාංෂික අන්තවාදියෙක්, ප්‍රචණ්ඩකාරී ත්‍රස්තවාදියෙක්. ඔහු ඕස්ට්‍රේලියාවේ  උපත ලැබූ පුරවැසියෙක්” යැයි ඕස්ට්‍රේලියානු  අගමැතිවරයා කීය.

වෙඩි තැබීමෙන් දේවස්ථානය තුළ සිටි ඉස්ලාම් බැතිමතුන් 40ක් පමණ මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා පවසයි.

මේ අතර නවසීලන්තයේ සංචාරයක නිරතව සිටින බංගලිදේශ ක්‍රිකට් කන්ඩායමද මෙම ප්‍රහාරයෙන් අනූ නමයෙන් ජීවත ගලවාගෙන ඇත.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීම හේතුවෙන් බංග්ලාදේශය හා නවසීලන්තය අතර පැවැත්වෙන ටෙස්ට් තරගය අත්හැර දැමීමට කණ්ඩායම් දෙකම තීරණය කර තිබේ.

Related posts

2021 ලෝක රූ රැජින තරගාවලිය නවතී

colombotoday

එක්සත් රාජධානිය සමග රටවල් රැසකින් සංචාරක තහනමකක්.

colombotoday

ඉන්දු-පාකිස්ථාන දේශ සීමාව ඇවිළෙයි.. දෙපාර්ශවයෙන්ම බර අවි ප්‍රහාර

colombotoday

ලෝක බොරතෙල් වෙළඳපොලේ මිලෙහි අඩුවීීමක්

colombotoday

මෙවර ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය කාන්තාවකට

Admin

මංගල උත්සවයේදී මත්පැන් මදිවූ මිතුරන්, මනාලයාට පිහියෙන් අනියි

colombotoday