Colombo Today Local NewsHot News

ISIS තර්ජණය මැද හෙළිවූ කොටින්ගේ කෝටි 3500ක අවි ගබඩාව සහ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කරන්නයි ඉල්ලීමේ රහස

වන්නි මෙහෙයුම අවසන් වනවිට කොටි සංවිධානයේ අවි ගබඩාවල තිබී සොයාගන්නා ලද ආයුධ සහ වෙනත් යුද්ධ උපාංගවල වත්කම ඩොලර් තිස්‌ හතරකෝටි හතළිස්‌ දෙලක්‍ෂයක්‌ හෙවත් ශ්‍රී ලංකාවේ මුදලින් රුපියල් කෝටි 3500 ක්‌ යෑයි හෙළි විය. එහෙත් මෙතරම් වටිනාකමකින් යුත් යුද අවි කොටින්ට සැපයූනේ කෙසේද සහ ඊට මුල් වූයේ කවුද යන්න ගැන විමර්ශනයක්‌ සිදුවූයේ නැත. ජිනීවා පරීක්‍ෂණ මණ්‌ඩලය ද කොටි අවි ගබඩාවේ තිබූ රුපියල් කෝටි 3500 ක්‌ වූ ආයුධ සම්බන්ධව සොයා බැලීමක්‌ සිදු කර නැතැයි අනාවරණය විය.

මේ යුද උපාංගවලට අමතරව මිනිස්‌ ජීවිත දස දහස්‌ ගණනක්‌ විනාශ කිරීම සඳහා ටී. එන්. ටී. සහ සී 4 වර්ගයේ අධිබල පුපුරණ ද්‍රව්‍ය කිලෝ 13178 ක්‌ ද කොටින් සතුව තිබී හමු විය.

මෙයට අමතරව පිපිරවීම් සඳහා භාවිත කරන ඩෙටනේටර් 2,46,363ක්‌ ද සොයාගැනිණි.

එසේම මරාගෙන මැරෙන බෝම්බකරුවන් සහ බෝම්බකාරියන් සඳහා සූදානම් කර තිබූ තනපටවල් 14 ක්‌ද පුපුරණ ද්‍රව්‍ය කබා 10 ක්‌ද, පුපුරණ ද්‍රව්‍ය අඩංගු පටි 29 ක්‌ ද සොයාගැනීමට ආරක්‍ෂක අංශවලට හැකි විය.

වන්නියේ තිබී සොයාගත් අවි ආයුධ අතර ඇමරිකානු හමුදාව භාවිත කරන එම්. 16 ප්‍රහාරක අවි 182 ක්‌ ද ජර්මනිය නිපදවන එම්. පී 5 හෙවත් හෙක්‌ලර් ඇන්ඩ් කොච් වර්ගයේ මැෂින් තුවක්‌කු ද විය.

කොටි සංවිධානයට ඇමරිකානු හමුදාව භාවිත කරන එම් – 16 වර්ගයේ ප්‍රහාරක අවි ඇති බවට සනාථ වූයේ වසර කීපයකට පෙර ත්‍රිකුණාමලයේ මනිරාසකුලම් කොටි කඳවුරේ සිටි කොටි ත්‍රස්‌තයකු අතේ තිබූ අවියකිනි.

මේ අවිය පිළිබඳව නිරීක්‍ෂණය කළ විට එහි බඳේ එකී අවිය ඇමරිකානු රජය සතු බවට සටහන් වී තිබිණි. එහෙත් එවකට පැවැති රජය හෝ හමුදා බලධාරීන් එම ප්‍රහාරක අවි ගැන ඇමරිකානු බලධාරීන්ගෙන් තොරතුරු විමසුවේ නැත.

එසේම යුද්ධවලදී භාවිත කිරීමට තහනම් වූ තර්මෝබරික්‌ ප්‍රහාරක අවි 54 ක්‌ ද කොටි අවි ගබඩාවේ තිබී හමු විය. මෙයට අමතරව රටවල් රැසක හමුදා භාවිතා කරන විවිධ ආයුධ වර්ග ද කොටි සංවිධානය සතුව තිබුණි.

යුද්ධ මෙහෙයුම් සඳහා භාවිත කරන චන්ද්‍රිකා සිතියම් 138 ක්‌ ද කොටින් සතුව තිබියදී සොයා ගැනුණි.

මෙවන් අවි ආයුධ මෙන්ම ලොව විශේෂ බලකායන්a භාවිත කරන පණිවුඩ හුවමාරු යන්ත්‍ර සහ සන්නිවේදන උපාංග රැසක්‌ ද කොටි ත්‍රස්‌තවාදීහු භාවිත කළහ. ඇලින්කෝ – අන්රිච්පු – කූගර්, ඇල්කොන්, මොටරෝලා, කෙන්වුඩ්, ඇස්‌ට්‍රොa වර්ටෙනිස්‌ රිසායු, ස්‌පෙන්ට්‌ 6, සබීර් පී. ආර්. එම්. යන අධිබල සන්නිවේදන උපකරණ විශාල සංඛ්‍යාවක්‌ ද වන්නි මෙහෙයුම අවසානයේදී සොයාගන්නා ලදී.

මේ සන්නිවේදන උපකරණ අතර ඩොලර් ලක්‍ෂ 17 ක්‌ වටිනා මොටරෝලා ජීවී 340 වර්ගයේ පණිවුඩ හුවමාරු යන්ත්‍ර නවයක්‌ ද තිබූ බව හෙළි විය.

ඇතැම් සන්නිවේදන යන්ත්‍ර ශ්‍රී ලංකා හමුදාවට පවා නොතිබූ බවද වාර්තා විය.

2009.07.10 දින කොළඹින් ගිය විශේෂ විමර්ශන කණ්‌ඩායමක්‌ වෙල්ලමුල්ලිවයික්‌කාල් ප්‍රදේශයේ කළ විමර්ශනයේදී නයිට්‌ විෂන් හෙවත් රාත්‍රිය විනිවිද පෙනෙන උපාංග විදේශ රටකින් ලබා ගැනීම සඳහා ඉල්ලුම් කළ ලපි ගොනුවක්‌ ද පුපුරණ ද්‍රව්‍ය ලබා ගැනීම පිණිස වූ ලිපි ගොනුවක්‌ ඇතුළු ලිපි ගොනු රැසක්‌ සොයාගනු ලැබීය.

මෙම විමර්ශන කණ්‌ඩායම සොයාගත් ලිපි ගොනු 481 න්a අවි ආයුධ ඇනවුම් කළ රටවල් ගැන ද තහවුරු වුවත් වැඩිදුර විමර්ශනයක්‌ සිදු වූයේ නැත.

තමන් සිටින ස්‌ථානයන දැන ගැනීමේ ජී.පී. එස්‌. උපාංග 114 ක්‌ ද නයිට්‌ විෂන් 17 ක්‌ ද වන්නියේ තිබී හමු වුවත් මේ උපකරණ සැපයූවේ කවුද යන්න සෙවීමට එදා පැවැති රජය ක්‍රියා නොකිරීම මවිතයට කරුණකි.

නේරු නමැති චන්ද්‍රිකා පණිවුඩ හුවමාරු උපකරණ නිපදවන්නේ නෝර්වේ රාජ්‍යයේයි. මෙවන් උපකරණ දෙකක්‌ කොටි සතුව තිබිණි. එහෙත් ශ්‍රී ලංකා රජය නෝර්වේ බලධාරීන්ගෙන් මේ පිළිබඳව තොරතුරු විමසා නැත.

මේ පසුබිම මැද කොටි අවි ගබඩාවේ තිබූ අවි ආයුධ විශාල තොගය ගැන නිරීක්‍ෂණය කරනවිට රටවල් හතකින් කොටින්ට ආයුධ සහ සන්නිවේදන උපකරන ලැබී ඇතැයි වාර්තා විය.

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ජලස්‌කූටර් ද ගුවන් ධාවන පථ ආලෝක කරන උපාංග චෙක්‌ රාජ්‍යයෙන් ද මුහුදු කොටි බෝට්‌ටු සඳහා වූ රේඩාර් ජපානයෙන්ද කොටින්ට ලැබී තිබිණි.

එසේම ඇමරිකානු රේතියොන් රේඩාර් වර්ගය ද කොටින් ලබාගෙන තිබූ බව හෙළි විය. 2009 මැයි 18 දා වන්නි මෙහෙයුම නිමා වනවිට කොටි සංවිධානය සතුව සන්නිවේදන උපාංග 2452 ක ජාලයක්‌ තිබූ බව අනාවරණය විය.

කොටින්ට මෙම අවි සැපයීම බාරව සිටි ප්‍රධාන පුද්ගලයා අයියන්නා යෑයි හෙළිවුවත් ඔහු මෙතෙක්‌ අසුවී නැත. ශ්‍රී ලංකා රජය කොටි සමග තායිලන්තයේ සතාහිsප්a නගරයේදී සාම සාකච්ඡා පවත්වන අවස්‌ථාවේ අයියන්නා බැංකොක්‌ නගරයේ හෝටලයක සිටි බව හෙළි විය.

මෙම සාම සාකච්ඡාවලට තමා ගියේ ප්‍රභාකරන් ලබාදුන් අවි ආයුධ හාරසියයක ලැයිස්‌තුව සමග බවත් එය අයියන්නාට ලබාදෙන ලෙස ප්‍රභාකරන් පැවසූ බවත් විනයගමූර්ති කරුණා පසුව හෙළි කළේය.

2009 මැයි මස කොටි සංවිධාන නායකත්වය විනාශ නොකළේ නම් ඔවුන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විනාශ කිරීම සඳහා සූදානම් කර තිබූ පතරොම් ප්‍රමාණයද අති විශාලය. මි. මී. 9 වර්ගයේ පතරොම් 103921 ක්‌ ද, 3.8 වර්ගයේ පතරොම් 30892 ක්‌ ද 22 වරගයේ පතරොම් 29716 ක්‌ ද එස්‌. එම්. ජී. පතරොම් 1100 ක්‌ ද එම්. 16 ප්‍රහරක අවි පතරොම් 107756 ක්‌ ද එම් එස්‌ බී. පතරොම් 21434 ද කොටි සතුව තිබුණි.

මේ හැර කොටි ත්‍රස්‌තවාදීන් සතුව තිබී සොයාගත් අනිකුත් පතරොම් ප්‍රමාණය මෙසේය.

මිනිලුම් පතරොම් -400 – නාඳුනන පතරොම් – 9324 පිස්‌තෝල පතරොම් – 114000, 5.56 වර්ගයේ පතරොම් 652277, 5.56Ü45 පතරොම් – 684785 7.62 පතරොම් 1281607, 7.62Ü 5017 පතරොම් 60850 – 7.62Ü මි. මී 54 පතරොම් 214339- 12.7 වර්ගයේ පතරොම් 105683 මි.මි 23 පතරොම් 11173.

ඒ. වී. බිම්බෝම්බ – 104973, ක්‌ලේමෝ බෝම්බ – 5068 මෙයට අමතරව සෑම් මිසයිල 16 ක්‌ ද කොටි සතුව තිබී හමු විය.

මේ ගුවන් යානා නාශක මිසයිලවල වටිනාකම ඩොලර් දාහත් ලක්‍ෂ දස දහසක්‌ විය.

මෙම මිසයිල භාවිත කරන ලද්දේ ගුවන් යානා සහ හෙළිකොප්ටර් විනාශ කිරීම සඳහායි. මෙම කොටි මිසයිල ඒකකයේ ත්‍රස්‌තයන් දෙදෙනකු අසුවී ඇති අතර ඔවුන්වද නිදහස්‌ කර ගැනීම සඳහා ද්‍රවිඩ සන්ධානය දැඩි උත්සාහයක නිරත වී ඇත.

2000 වසරේ මාර්තු 30 දා පලාලි සිට රත්මලාන බලා පැමිණෙමින් සිටි ඇන්ටනෝව් 32 වර්ගයේ ගුවන් යානාව අනුරාධපුර වීරවැව ප්‍රදේශයේදී කඩා වැටී එහි සිටි යුද හමුදා සෙබළුන් 36 ක්‌ සහ සිව්දෙනකුගෙන් යුත් යුක්‌රේනියානු නියමු කණඩායම ජීවිතක්‍ෂයට පත් විය. මෙය යානාවේ යාන්ත්‍රික දේෂයක්‌ නිසා සිදුවූවක්‌ බවට ප්‍රචාරය විය. එහෙත් වසර 12 කට පසු අත්අඩංගුවට ගත් කොටි මිසයිල ඒකකයේ ත්‍රස්‌තයන් දෙදෙනකු විල්පත්තුව වනයේ සිට එකී ඇන්ටනෝව් යානාවට සෑම් මිසයිල ප්‍රහාරයක්‌ එල්ල කර ඇතැයි හෙළි විය.

මෙම කොටි ත්‍රස්‌තයන් දෙදෙනාව විල්පත්තුවට ගෙන යැමෙන් පසු හිස්‌ මිසයිල කොපු දෙකක්‌ ද සොයගැනුණි.

මෙකී කොටි ත්‍රස්‌තයන් දෙදෙනා කවුරුන් ද ? ඡේශන් රාසතුරෙයි හෙවත් පුලාවන් සහ නිර්වේලි ස්‌වාමිලිංගම් හෙවත් සිsන්නතිsලකන් එකී කොටි ත්‍රස්‌තයන් වේ. පසුගියදා තමන්ව මුදාහරින ලෙස දන්වමින් උපවාසයක යෙදුණේද මෙම කොටි ත්‍රස්‌තයන් දෙදෙනායි. එහෙත්a එම කොටි දෙදෙනාට එරෙහි නඩුව ලබන ජනවාරි 12 දා අනුරාධපුර අධිකරණයේදී විභාග කිරීමට නියමිතය.

හමුදා සෙබළුන් 36 කගේ සහ යුක්‌රේනියානුවන් සිව්දෙනකුගේ ජීවිත විනාශ කරමින් සිදුවූ එම ඇන්ටනෝව් විපත ගැන උතුරු මහ ඇමැති සී. විග්නේශ්වරන් සහ ද්‍රවිඩ සන්ධාන නායක ආර්¾ සම්බන්දන් මෙතෙක්‌ කිසිදු ප්‍රකාශයක්‌ කර නැත.

කෙසේ වෙතත් කොටි මිසයිල ඒකකයේ ත්‍රස්‌තයන් දෙදෙනා මුදා ගැනීමට දැරූ උත්සාහය අසාර්ථක විය. මේ අතර අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ තර්ජනය ශ්‍රීලංකාවටද එල්ලවී ඇති බව බුද්ධි අංශ රහස්‌ වාර්තාවකින් හෙළිවිය. මෙකී රහසිගත වාර්තාව බුද්ධි බලධාරීන් විසින් ජනාධිපති හා අගමැති වෙතද යොමු කෙරිණි.

රටවල් දෙකක්‌ විසින් අයිසිස්‌ ත්‍රස්‌ත තර්ජනය ශ්‍රී ලංකාවට ද යොමුවී ඇති බවට කළ අනතුරු ඇඟවීමත්a සමගම මෙරට බුද්ධි අංශ විසින් විමර්ශනයක්‌ ආරම්භ කරනු ලැබීය. එසේම බුද්ධි අංශ වාර්තාවේ සඳහන් වූයේ ශ්‍රී ලාංකික මුස්‌ලිම් පවුල් නවයක්‌a අයිසිස්‌ සංවිධානයට එක්‌වීම සඳහා සිරියාවට ගොස්‌ ඇති බවයි.

බුද්ධි අංශ වාර්තාව රජයේ බලධාරීන් වෙත ඉදිරිපත් වීමට පෙර දෙසැම්බර් Êමස මුල් සතියේ ඉන්දීය ත්‍රස්‌ත මර්දන බළකාය අත්අඩංගුවට ගත් ඉන්දීය අයි ඕ සී තෙල් සමාගමේ විධායක නිලධාරියකු වූ මොහමඩ් සිරාජුද්දීන් සහ 16 හැවිරිදි පාසල් සිසුවියකගෙන් තවත් රහසිගත තොරතුරක්‌ හෙළි විය.

ඒ අයිසිස්‌ ත්‍රස්‌ත සංවිධානයේ ඒජන්තවරයකු ශ්‍රී ලංකාවේ සිටින බවයි. මේ අයිසිස්‌ ඒජන්තවරයා ඉන්දීය ත්‍රස්‌ත මර්දන බලධාරීන් විසින් හඳුනාගෙන ඇත.

පූනේ නගරයේදී අත්අඩංගුවට ගත් එකී පාසල් සිසුවිය පැවසුවේ තමා අන්තර්ජාලය ඔස්‌සේ අයිසිස්‌ ඒජන්ත සමග සම්බන්ධකම් පවත්වන බවයි.

ඇයට පෙර ජායිපුර් නගරයේදී අත්අඩංගුවට ගත් ඉන්දීය තෙල් සමාගමේ ප්‍රධානියා ෙµaස්‌බුක්‌ සහ වට්‌ස්‌ ඇප් සහ වටිටර් වෙබ් අඩවි ඔස්‌සේ අයිසිස්‌ සංවිධානයට තරුණයන් බඳවා ගැනීමට උත්සාහ දරා තිබේ.

මේ පසුබිම මැද පරීක්‍ෂණ කළ මෙරට බුද්ධි අංශ කොළොන්නාව, මහනුවර, කුරුණෑගල සහ නැගෙනහිර ප්‍රදේශවල අයිසිස්‌ අනුගාමිකයන් ක්‍රියාත්මක වනබව සොයාගෙන තිබේ.

එහෙත් අන්තර්ජාලයට පිවිසෙන්නන් නිsරීක්‍ෂණය කළ හැකි අධි තාක්‍ෂණික ක්‍රියාදාමයක්‌ මෙරට බුද්ධි අංශවලට නොමැති නිසා බරපතළ දුෂ්කරතාවකට පත්ව ඇත.

අයිසිස්‌ ක්‍රියාකාරීන් මෙරට පාර්ශ්ව ඩැහැ ගැනීමට ක්‍රියා කරන බව අනාවරණය වූයේ ගලේවෙල කරාටේ ගුරුවරයකු වූ මුෂින් නමැත්තා තුර්කිය හරහා සිරියාවට ගොස්‌ අයිසිස්‌ ත්‍රස්‌තයන් වෙනුවෙන් සටන්වදින අවස්‌ථාවේ ගුවන් ප්‍රහාරයකින් මරුමුවට පත්වීම නිසාය.

මොහු වීසා බලපත් ලබාගෙන ඇත්තේ කොළඹ තුර්කි තානාපති කාර්යාලයෙන් යෑයි අනාවරණය විය.

අන්තවාදී කොටස්‌ මෙරට සිටින බව අනාවරණය වූයේ මුෂින්ගේ සිද්ධියෙන් නොවේ.

වසර කීපයකට පෙර කොළඹ මරදානේදී අල්කයිදා නායක බින්ලාඩන්ට පක්‍ෂව ඇමරිකානු විරෝධයක්‌ මතු විය. බින්ලාඩන්ගේ ඡායාරූපය රැගත් පිරිස්‌ එකී විරෝධතාවයට එක්‌a විය.

එසේම නැගෙනහිර ප්‍රදේශයේ විවිධ ජිහාද් සංවිධාන ක්‍රියාත්මක වූ අතර එකී සංවිධානවලට විදෙස්‌ අරමුදල් ලැබුණි.

මෙම තත්ත්වය මැද මෙරට අයිසිස්‌ ඒජන්තවරයාට විදේශ අරමුදල් ලැබී නැතැයි කිව හැකිද?

රුසියානු එµa. එස්‌. බී. බුද්ධි සේවාව මෑතකදී හෙළි කළේ රටවල් රැසක්‌ අයිසිස්‌ ත්‍රස්‌තයන්ට අරමුදල් සපයන බවයි.

එම පසුබිම මැද පසුගිය ජුලි 12 වැනිදා මොහමඩ් මුෂින් ෂර්පාස්‌ නිලාම් හෙවත් අබු ශුරාන් සයිලානියා නමැති ශ්‍රී ලාංකික අයිසිස්‌ ත්‍රස්‌තයා ගුවන් ප්‍රහාරයකින් මියගිය බව දැක්‌වෙන පුවත හෙළිනොවූයේ නම් ශ්‍රී ලංකාව තුල අයිසිස්‌ ක්‍රමවේදය රහසක්‌ ලෙස පවතිනු නියතය.

මෙලෙස අයිසිස්‌ තර්ජනය ශ්‍රී ලංකාවට එල්ලවී ඇති අවස්‌ථාවේ ද්‍රවිඩ සංධානය සහ රාජ්‍ය නොවන සන්විධාන ජාතික ආරක්‍ෂාව බිඳ දැමීම සඳහා ඉල්ලීම් දෙකක්‌ රජයට යොමු කර ඇත.

ඒ ත්‍රස්‌ත මර්දන පනත අහෝසි කිරීම සහ ආරක්‍ෂක වැය අඩු කරන ලෙස ඉල්ලීමයි.

කීර්ති වර්ණකුලසූරිය

දිවයින

Related posts

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්

Admin

ඉන්ධන මිල ඉහළට

colombotoday

එජාපය යැවූ වැඩබලන ඇමතිවරුන්ගේ නම් ජනපති ප්‍රතික්ෂේප කරයි

colombotoday

විපක්ෂ නායක හිටපු ජනපතිනිය හමුවෙයි

colombotoday

සේනා උතුරුමැද ආක්‍රමණය කරද්දී හම්බන්තොටට තවත් ආගන්තුකයෙක්…

colombotoday

අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් යළි පත්කරයි

colombotoday