Colombo Today Local News

ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් නිලධාරියාට උසස්වීමක්

හක්මණ පොලිස් වසමේ කෝංගල මාර්ග බාධකයේ රාජකාරියේ යෙදී සිටියදී ටිපර් රථයකට යටවී මිය ගිය පොලිස් කොස්තාපල්වරයා පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කර ඇති බව පොලිස් මුලස්ථානය සදහන් කරයි.

ඒ අනුව ඔහුගේ තනතුර ජුලි 13 දින සිට ක්‍රියාත්මක වන පරිදි පොලිස් කොස්තාපල් තනතුරේ සිට පොලිස් සැරයන් තනතුර දක්වා පශ්චාත් උසස්වීම් පදනම යටතේ වැඩබලන පොලිස්පතිවරයා විසින් උසස් කර ඇත.

පසුගිය 13 වන දා , මාතර, හක්මන ප්‍රදේශයේ දී මාර්ග බාධක රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පිරිසක්, ටිපර් රථ රියදුරෙකු විසින් යටකර පලාගොස් තිබුණි.

අනතුරින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකු බරපතළ තුවාල ලැබීය.

මෙම සිද්ධියෙන් මිය ගියේ මාලිත ශාමේන් නැමැති පොලිස් කොස්තාපල්වරයෙකි.

Related posts

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

මඩකලපුවේ මංගලාරාම නාහිමියෝ, පන්සලට පිටුපෑ ජනපතිගේ නමට කුළුගෙඩියෙන් තලයි

colombotoday

මධුමාධව අත්අඩංගුවට ගන්න සාක්ෂි නෑ – නිතිපති

colombotoday

ඖෂධ වර්ග 60 ක මිල ඉහළ දමමින් ගැසට් නිවේදනයක්

colombotoday

කුරුණෑගල රෝහලේ සිටි තවත් නාවික සෙබළුන් දෙදෙනෙකුට කොරෝනා

colombotoday

රාජාංගණයේ සද්ධාරතන හිමිට ඇප

Admin