Colombo Today Local News

ට්‍රැක්ටරයක් පෙරළී 8 හැවිරිදි දැරිවියක් ජීවිතක්ෂයට

අක්කරපත්තුව පොලිස් වසමේ 3 කණුව දෙස සිට ආලම්කුලම මාර්ගයේ ධාවනය වු ටේලරය සහිත ට්‍රැක්ටර් රථයක් අනතුරට පත් වී කුඩා ගැහැණු දරුවෙක් මියගොස් තිබේ.

ඊයේ (10)දින සවස 5.45ට පමණ මෙම අනතුර සිදුව ඇත.

ට්‍රැක්ටරය රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන ප්‍රාපතයකට පෙරළී අනතුර සිදුව ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

අනතුරින් ට්‍රැක්ටර් රථයේ රියදුරු හා එම රථයේ ගමන් කළ කුඩා ගැහැණු ළමුන් දෙදෙනෙක් තුවාල ලබා අක්කරපත්තු රෝහලට ඇතුළත් කර තිබේ.

පසුව වයස අවුරුදු 8ක් වු ඉස්සන්ගඩිචේන, අක්කරපත්තුව ප්‍රදේශයේ පදිංචි දැරියක් ජීවිතක්ෂයට පත්ව ඇත.

මෘත ශරීරය අක්කරපත්තුව රෝහලේ තැන්පත් කර ඇත.

අක්කරපත්තුව පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

Related posts

බිළිඳුන් විකිණූ ජාවාරම්කරුට ඇප

colombotoday

කන්දකාඩු සිද්ධිය ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්

Admin

රනිල්ගේ නිවසට CIDයෙන් යයි

colombotoday

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

colombotoday

නැව් සංස්ථාවට පොල්ලක් තියා, ‘ලංකා මහපොල‘ නැව විදෙස් වරායක අතහැර දමයි !

colombotoday