Colombo Today Local News

කන්දකාඩු සිද්ධිය ගැන හොයන්න පංච පුද්ගල කමිටුවක්

කන්දකාඩු පුනරුත්ථාපන කඳවුරේ රැඳවියන් පිරිසක් පලා යෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පවත්වා අවශ්‍ය නිර්දේශ ලබාදීම සඳහා අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් පංච පුද්ගල පරීක්ෂණ මණ්ඩලයක් පත් කර තිබේ.

එම පරීක්‍ෂණ මණ්ඩලයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබසිටින්නේ, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරු හෙක්ටර් යාපා මහතාය.

එම පරීක්‍ෂණ මණ්ඩලයේ සෙසු සාමාජිකයන් ලෙස පත්කරනු ලැබ ඇත්තේ, අතිරේක ලේකම්(පාලන හා පොලිස්)මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ එම්.එස්.පී සූරියප්පෙරුම, අධිකරණ බන්ධනාගාර හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් පාලන ආර්.එස් හපු ගස්වත්ත, එම අමාත්‍යාංශයේ ලේකම් (නීති) පියුමන්ති පිරිස් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් දිසානායක යන මහත්ම මහත්මීහු වෙති.

එම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නිර්දේශ ඇතුළත් වාර්තාව සති තුනක් ඇතුළත තමාට බාරදෙන ලෙස ඇමතිවරයා පරීක්ෂණ මණ්ඩලයට උපදෙස්දී තිබේ.

Related posts

ජල ගාස්තුවත් 15%කින් ඉහළට ?

colombotoday

ඉන්ධන ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදාහැරීමට ත්‍රිවිධ හමුදාවට සහය ඉල්ලයි

colombotoday

ගමේ ගිය අයට කොළඹට එන්න විශේෂ ප්‍රවාහන සේවා

Admin

ඇඟලුම් කොවිඩ් පොකුරක් ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අනතුරු අඟවයි

colombotoday

ටිරාන් අලස් ට හා දේශබන්දු ට මරණ තර්ජන

Admin

පැරසිටමෝල් පෙත්තට උපරිම සිල්ලර මිලක්

colombotoday