Colombo Today Local News

සිංහරාජයේ වනස්පති මිනිසා අභාවප්‍රාප්ත වෙයි

සිංහරාජයේ වනස්පති මිනිසා නම් අන්වර්ථ නාමයෙන් හැඳින්වූ මාටින් විජේසිංහ මහතා අද (24) අලුයම අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මියයන විට 82 වැනි වියේ පසුවිය.

රත්නපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු එලෙස අභාවප්‍රාප්ත වී තිබේ.

කලවානේ සිංහරාජයට යාබද පෙතියාකන්ද ගම්මානයේ ජීවත් වූ මාටින් මහතා සිය ජීවිත කාලය පුරාවටම සිංහරාජ වනාන්තරය රැකබලා ගැනීම වෙනුවෙන් කැපවී සිටියේය.

ඒ නිසාම එදාමෙදා තුර හැමදාමත් ඔහු සිංහරාජයට යන එන සැමට මාටින් අයියා විය.

සුවාරිස් විජේසිංහ සහ පොඩිඅංචි නැමැති යුවලගේ පවුලේ වැඩිමලා ලෙස 1939 දෙසැම්බර් මස 24 දා උපන් මාටින් විජේසිංහ ට බාල සහෝදරයකු සහ සහෝදරියක ද වෙයි.

Related posts

වැල්ලවත්ත සැවෝයි සිනමා හළ අසල පිපිරීමක්

colombotoday

මහින්දගේ නුගේගොඩ රැලියට, රනිල්ගෙන් පිළිතුරු රැලියක් අනුරාධපුරේදී !

colombotoday

ඉහළම තැනකින් හම්බන්තොට අධිවේගයේ සැලසුම වෙනස් කරයි.. සුපිරි මගඩියක් අතේ පත්තුවෙයි !

colombotoday

රටට අවශ්‍ය දරදඩු පාලකයෙක්ද ? – රට්ටු කියන කතා මෙන්න (Video)

colombotoday

කබීර් හෂීම් එජාපසභාපතිවරයා පක්‌ෂයේ විනය කඩකරලා. ලක්ෂ්මන් කිරිඇල්ලගෙන් දෝස්‌ මුරයක්‌!

colombotoday

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday