Colombo Today Local News

ජිනීවා අර්බුදයට විසදුම් හොයන්න ජනපති පක්ෂ 21 ක් සමග එකම මේසයක

be0a02c3929d386bbfee80169a2d1548_XLජිනීවා යෝජනා සම්බන්ධයෙන් ශ‍්‍රී ලංකාව කෙසේ ක‍්‍රියා කළ යුතුදැයි සාකච්ඡා කෙරෙන සර්ව පාක්ෂික දේශපාලන සමුළුව පළමු වරට අද (22) රැස් වීමට නියමිතය.

ජනාධිපති මාධ්‍ය අංශය පවසන්නේ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී පස්වරු 05 ට එම සාකච්ඡාව ආරම්භ වන බවයි.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ සහ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් යන මහත්වරුන් ඇතුලු දේශපාලන පක්ෂ 21 ක නියෝජිතයන්ට මේ සඳහා ආරාධනා කර තිබෙනවා. ඉකුත් ආණ්ඩුුව සමයේ පිහිටුවන ලද සර්ව පාක්ෂික නියෝජිත කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතාද එලෙස ආරාධනා ලැබූවෙක්.

තමන් සභාපතීත්වය දැරූ සර්ව පාක්ෂික නියෝජිත කමිටුව මීට පෙර වැදගත් නිර්දේශ ගණනාවක් ඉදිරිපත් කළ බවද අද රැස්වන සර්ව පාක්ෂික දේශපාලන සමුළුව එම නිර්දේශ කෙරෙහිද අවධානය යොමු කරනු ඇතැයිද මහාචාර්ය තිස්ස විතාරණ මහතා මෙහිදී විශ්වාස කරනවා.

සර්ව පාක්ෂික දේශපාලන සමුළුවේ අද පැවැත්වෙන සාකච්ඡාව සඳහා තමන්ද සහභාගී වන බව ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතාද පවසනවා.

අදාළ සාකච්ඡාව සඳහා පිවිතුරු හෙළ උරුමයද ආරාධනා ලැබ තිබෙනවා. එහි මහලේකම් උදය ගම්මන්පිල මහතා පවසන්නේ ජනාධිපතිවරයාගේ මෙම තීරණය අගය කරන බවත් මෙහි ඇති බැරෑරුම්කම පිළිබඳව ජනාධිපතිවරයා දැනුවත් කිරීමටත් මෙය අවස්ථාවක් කර ගන්නා බවයි.

ජිනීවා යෝජනා කි‍්‍රයාත්මක කිරීමට සහ මතුවන අභියෝග වලට මුහුණ දීමට සහය ලබා දෙන බව ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂයද පවසනවා. ඒ අනුව අද පැවැත්වෙන සාකච්ඡාව සඳහාද තමන් සහභාගී වන බවයි එහි නායක ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසුවේ.

මේ අතර ජිනීවා යෝජනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදයක්ද අද පැවැත්වෙනවා. උදාලාගම සහ පරණගම කොමිෂන් සභා වාර්තාද මෙහිදී අවධානයට ගැනෙනු ඇති.

Related posts

ලංකාව මව්බිමේදී ලද දැවැන්තම පරාජය ලබයි.. 2019 ලෝක කුසලානයට සුදුසුකම් නෑ !

colombotoday

හරීන් අගරදගුරුට අපහාස කිරීම මංගල අගයයි

colombotoday

ගාලු රැළියට නොඑන ශ්‍රීලනිප මන්ත්‍රීවරුන්ට මේ පාරනම් දැඩි ක්‍රියාමාර්ගයක් ගන්නවාමයි

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

විදුලි බිලට පොලියකුත් එක්ක සහනයක්

colombotoday

රුපියල් 7,090,939ක් සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට

Admin