Colombo Today Local News

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

තමාගේ ජීවිත ආරක්ෂාවට මේ වනවිට යම් තර්ජනයක් එල්ල වී ඇතැයි බුද්ධි අංශ වාර්තා කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

මේ වනවිට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය.

“මට බුද්ධි අංශ වාර්තාවක් ලැබිලා තියෙනවා මෙහෙම තර්ජනයක් තියෙන්න පුළුවන් කියලා. නමුත් ඉතින් එහෙම තර්ජන තිබුණට, මම මේ තනතුර භාර අරගෙන තියෙන්නේ මේ වැඩේ කරන්න නේ. දැන් මම මෙතැන ඉන්නකල් මත්ද්‍රව්‍ය අල්ලන එක පාතාලය නැති කරන එක මම කරන්න ඕනේ. ඒ හින්දා එහෙම තියෙයි. අපි දැනගන්න ඕනේ අපේ ආරක්ෂාව බලාගෙන වැඩ කරන්න. එහෙම තර්ජන තිබුණා කියලා නම් මම අඩියක් පස්සට තියන්නේ නෑ. එහෙම වුණොත් මම තව අඩියක් ඉස්සරහට තියනවා මිසක් පස්සට තියන්නේ නෑ…”

Related posts

රත්නපුර රෝහලේ වාට්ටු 3 ක් වැසෙයි.. 101 ක් නිරෝධායනයට

colombotoday

ඉතා තද ප්‍රහාරාත්මක සුළං ඇති වීමේ තත්ත්වයක් ගැන ධීවරයින්ට අනතුරු ඇඟවීමක්

colombotoday

කාන්තාවක් දුෂණයකට සැකපිට අලව්වේ පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday

ජාතික ජනබලවේගයේ විරෝධතාවයකට ගිය පී.සී ගේ වැඩ තහනම්

Admin

කෝ ගෝඨගේ වැඩ? එදා වැඩ්ඩා කිව්වා අද සම්පුර්ණයෙන්ම අසාර්ථකයි.. 2/3 ඉල්ලන්නේ බැසිල්ව අස්සට දාගන්න..

colombotoday

තවමත් සභාපති හදුන්නෙත්ති.. බැදුම්කර හොරු තීන්දුයි.. COPE වාර්තාව මුද්‍රණයේ.. ජවිපෙන් නිවේදනයක්

colombotoday