Uncategorized

ජනමාධ්‍යවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍යයයි. ඇතැම් හැසිරීම් නින්දිතයි. – චම්පික

ශ්‍රී ලංකාවේ ජනමාධ්‍යවල සම්පූර්ණ ප්‍රතිසංස්කරණයක් අවශ්‍ය බව මහනගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍ය චම්පික රණවක මහතා පවසයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ ස්වයං නියාමනයක් කරගැනීම සඳහා ජනමාධ්‍යයට අවස්ථාව ලබාදී තිබුණත් ඇතැම් මාධ්‍ය දේශපාලන අවශ්‍යතා මත ඉතාමත්ම නින්දිත ආකාරයෙන් හැසිරෙන බවයි.

එය කණගාටුවෙන් වුවත් පැවසිය යුතු බව අවධාරණය කළ ඒ මහතා දැන්වීම් සම්බන්ධයෙන් පැවසුවේ රජයේ දැන්වීම් රජය විසින් ලබාදෙන්නේ රජයට වැඩිම ප්‍රචාරණයක් ලබාගත හැකි ආකාරයෙන් බවත් ඒ අනුව ඉදිරි කටයුතු සිදුවනු ඇති බවත්ය.

ඇතැම් මාධ්‍ය ආයතන සඳහා රජයේ දැන්වීම් ලබාදීම කප්පාදු කර ඇති බවට පසුගියදා දයාසිරි ජයසේකර මහතා එල්ල කළ චෝදනාව සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

Related posts

බේරුවල මද්‍රසා විශ්වවිද්‍යාලයක් – පාස්කු ප්‍රහාරය විමර්ශන ජනාධිපති කොමිසමේදී හෙළිවෙයි

colombotoday

ජනපති රනිල් යළි දිවයිනට

Admin

අන්තර් කාලීන ආණ්ඩුව ගැන සාකච්ඡාවක් අද ජනපති මන්දිරයේදී

colombotoday

නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ධුරය අසාද් සාලිට ?

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday

ජනාධිපතිවරණයට විවරණ ගන්න සජිත් දෙමල සන්ධාන දෙපා මුලට

colombotoday