Colombo Today Local News

චම්පිකට අගමැති වෙන්න ITN එක මට දෙන්න – ඇමති චම්පිකගේ ගෝලයා ITN වනසන ලකුණු

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රවෘත්ති නිළධාරියා වීම හේතුවෙන් ස්වාධීන රූපවාහිනියේ (ITN) ක්‍රියාකාරී අධ්‍යක්ෂකධූරයට පත්වී සිටින ධනුෂ්ක රාමනායක මේ වනවිට ස්වාධීන රූපවාහිනිය වලපල්ලට දක්කාගෙන යමින් සිටින බව ITN මාධ්‍යවේදීහු මහත් සංවේගයෙන් යුතුව සඳහන් කර සිටී. යහපාලන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මුල්වරට ITN සභාපතිවරයා ලෙස පත්වූ, ජනමාධ්‍යවේදය පිළිබඳව අත්පොතක් බඳු වූ මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක මහතා පසුගියදා ජපානයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව ධනුෂ්ක රාමනායක සභාපති පුටුවට පත්වීමට චම්පික රණවක හරහා මහත් වෑයමක් දැරූ බව ITN මාධ්‍යවේදීහු සඳහන් කර සිටිති.
එම වෑයම අසාර්ථකවීමෙන් අනතුරුව එම පදවියට පත්, ශ්‍රී ලංකා පරිපාලන ක්ෂේත්‍රයේ විශාල අත්දැකීම් සම්භාරයක් ඇති හේමසිරි ප්‍රනාන්දු මහතාට ධනුෂ්ක රාමනායක ඇණයක් වී තිබේ.

එංගලන්තයේ කාඩිෆ් සරසවියේ උපාධියක් හැරුණුවිට, චම්පිකගේ ෆැක්ස් යැවීමට අමතරව ජනමාධ්‍යවේදය පිළිබඳව කිසිවක් නොදන්නා ධනුෂ්ක රාමනායකට මහාචාර්ය ධම්මික ගංගානාත් දිසානායක විසින් පළමුවෙන්ම භාරදී ඇත්තේ ස්වාධීන රූපවාහිනියට අයත් ‘ලක්හඬ’ ගුවන්විදුලි සේවයයි. ඔහුට භාරදෙනවිට මනාලෙස ලාභ ලබමින් තිබූ ලක්හඬ ගුවන්විදුලිය මාස දහයෙන් සුදු අලියෙක් බවට පත්කිරීමට ධනුෂ්ක රාමනායක සමත්ව තිබේ.

ඔහු විසින් ආයතනයට හඳුන්වා දෙනු ලැබූ සංකල්ප තුනක් වන ඵලදායීතාවය (productivity), හමුදා පුහුණුව (motivation) සහ ජනප්‍රියතාවය (popularity) එහෙමපිටින්ම මුදල් කාබාසීනියා කරන ව්‍යාපෘතීන්ය. හමුදා පුහුණුව යටතේ ITN සේවකයන් කොළඹින් බැහැර දියතලාව වැනි හමුදා කඳවුරකට යැවූ අතර එයින් අත්කරගත් ප්‍රතිඵලයක් නොමැත. ස්වාධීන රූපවාහිනී සේවය හා ලක්හඬ ගුවන්විදුලිය ප්‍රේක්ෂකයන් හා ශ්‍රාවකයන් අතර ජනප්‍රිය කරවීම සඳහා ඔහු ක්‍රියාත්මක කර ඇත්තේ ‘ධාතු වන්දනාව’යි.

මෙයින් නොනැවතී ඇති ක්‍රියාකාරී අධ්‍යක්ෂක ධනුෂ්ක රාමනායක, ස්වාධීන රූපවාහිනිය සතු සම්පත් තම පුද්ගලික සුඛවිහරණයට යොදාගෙන තිබේ. මෙම මස 20 වැනිදා පැවැත්වෙන ඔහුගේ විවාහ මංගල්‍යය සඳහා අවශ්‍ය සංවිධාන කටයුතු කිරීමට ඔහු යොදවා ඇත්තේ ITN සේවකයන් සහ ආයතනයේ රථවාහනය. ධනුෂ්කගේ පාවිච්චිය සඳහා ස්වාධීන රූපවාහිනිය විසින් ලබාදී ඇති KR 5518 දරන මෝටර් රථයට අමතරව ඔහුගේ අතිනත ගන්නා සහකාරියගේ පාවිච්චිය සඳහා KV 3358 දරන මෝටර් රථය ලබාදී ඇති බව ස්වාධීන රූපවාහිනී ආරංචි මාර්ග සඳහන් කර සිටී.

ධනුෂ්ක රාමනායක චම්පික රණවක අමාත්‍යවරයාගේ බලතල පාවිච්චි කරමින් සභාපති හේමසිරි ප්‍රනාන්දුව කෙසේහෝ එළවා දමා සභාපති පුටුවට පැනගැනීමට මහත් වෙහෙසක් දරමින් සිටී. ඒ සඳහා ඔහු යොදාගන ඇත්තේ ලේක්හවුස් ආයතනයේ සභාපති කාවන් රත්නායක මහතාවය. කාවන් රත්නායක මහතා ස්වාධීන රූපවාහිනී සේවයේ අධ්‍යක්ෂක මණ්ඩලයේද කටයුතු කරනු ලබයි. අනෙක් අධ්‍යක්ෂකවරුන් ඇන්දවීම ධනුෂ්ක රාමනායකට අසීරු වී තිබේ. ධනුෂ්ක රාමනායක චම්පික රණවක අමාත්‍යවරයාට පවසා ඇත්තේ ‘ඔබතුමාගේ අගමැති සිහිනය සැබෑවීමට නම් මම අනිවාර්යෙන්ම ITN චෙයාමන් වියයුතු’ බවයි.

Related posts

උඩරට දුම්රිය මාර්ග රක්ෂිතයේ ගින්නක්, ගින්න සිඝ්‍රයෙන් පැතිර යයි.

colombotoday

රතන හිමි චම්පික මත ගැටුම උග්‍ර අතට – හෙළ උරුමයත් අවසන් ගමනේ…?

colombotoday

යලි යාත්‍රා කිරීමට සූදානම් වන ටයිටැනික්

Admin

වානේ කම්බි සමාගමක බැංකු ගිණුමකින් කල මිලියන 43ක මුදල් වංචාවට තවත් අයෙක් අත්අඩංගුවට

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday