Colombo Today Local News

ගෝඨාභය ගැන තවම තීරණයක් ගෙන නැහැ – මහින්ද

ඉදිරි ජනාධිපතිවරණය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත්වීම සම්බන්ධයෙන් මෙතෙක්  තිරණයක් ගෙන නොමැති බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.  

එසේම ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව බැසිල් රාජපක්ෂ මහතා ද තමාට පැවැසූ බවයි මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ. පුවත්පත් කතුවරුන් හා ජනමාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද පෙරවරුවේ   විපක්‍ෂ නායක කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. 

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් විපක්‍ෂ නායකවරයා කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේදී ජයග්‍රහණය කළ හැකි අපේක්ෂකයාට සිය සහාය ලබාදෙන බවයි.  කෙසේවෙතත් එවැනි අපේක්ෂකයෙකු පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නොමැති බවයි මහින්ද රාජපක්‍ෂ මහතා කියා සිටියේ.

Related posts

ශ්‍රීපාදස්ථානය බහුතර සිංහල පාලන ප්‍රදේශයෙන් වෙන් කරයි.. තවත් ජාතිවාදී ඡන්ද පොරොන්දුවක් ඉටුවේ !

colombotoday

STF නිලධාරීන් දස දෙනෙක්ට කොවිඩ්

colombotoday

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday

සහල් ආනයනය තාවකාලිකව අත්හිටුවන්න කෘෂිකර්ම ඇමති ඉල්ලයි

colombotoday

මහාචාර්ය ගාමිණී රණසිංහ වැඩබලන පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ධුරයට..

Admin

“අපි බුද්ධාගම, ඒකීය රාජ්‍යය රකින්නයි හදන්නේ“ – හෙළ උරුමය

colombotoday