Colombo Today Local NewsGossip

ගොයම් පැලෙන් හැදූ අපූරු පිරිත් මණ්ඩපයක්… හෙළ කලාවේ අසිරිය !

පිරිත් මණ්ඩපය වසර දහස් ගණනක් තිස්සේ අපේ කලාකරුවන් අතින් නිමැවුණු අනගි නිර්මාණයක්. අපේ ගැමි කලාකරුවා ඒ ඒ පළාත්වලට ආවේනිකව පිරිත් මණ්ඩප නිර්මාණය කරන්න පුරුදු වෙලා සිටිනව.

ගොක් කොළ, තල කොළ, තල් කොළ, පන්, පුවක්, කිතුල් වැනි ශාක වල ‍කොටසුත් මේ සඳහා යොදාගන්නව. නමුත් මේ වෙද්දි අපේ රටේ නිමැවෙන පිරිත් මණ්ඩප බොහෝමයකට භාවිත කරන්නනෙ කඩදාසි වර්ග.

ඒ සියල්ලටම වඩා වෙනස් පිරිත් මණ්ඩපයක් කටුවන නාකඳවල පුරාණ විහාරස්ථානයේ අද සහ හෙට පැවැත්වෙන කඨිණ පූජෝත්සවය වෙනුවෙන් නිර්මාණය කරල තියෙනව. විහාරාධිපති රුක්මලපිටියේ හේමකිත්ති හිමියන්ගේ අනුශාසනා පරිදි ප්‍රදේශවාසී තරුණයින් විසින් මේ පිරිත් මණ්ඩපය නිමවල තියෙන්නෙ පැල ගොයම් යොදාගනිමින්.

-nethfm.com

Related posts

ජනපතිට පිට කොන්දක් තිබේනම්, කරන්න ඕන දේ කියයි !

colombotoday

“අපි වසර දෙකක් ඇතුළත මහ බැංකුව ස්ථාවර කරා“ – අගමැති

colombotoday

ත්‍රස්තවාදය පැරදූ හිටපු ජනපතිට හමුදා ආරක්ෂාව නැවත ලබා දෙන්නයි මහා නාහිමියෝ ජනපතිට ලියයි

colombotoday

ජනපති ලේකම් ධුරයෙන් ඔස්ටීන් ප්‍රනාන්දු ඉල්ලා අස්වෙයි ?

colombotoday

දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථාවට ට්‍රක් රථ රියදුරන් පිරිසක් කඩා පනී

colombotoday

රු.කොටියක කොකේන් සමඟ ඉන්දීය ජාතික කාන්තාවක් අත්අඩංගුවට

colombotoday