Colombo Today Local News

ගෙවුණු වසර තුනේදී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් 2400ක් ගත්තත් ප්‍රමාණවත් නෑ

ගෙවුණු වසර තුනක කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදලට හා එම අරමුදලෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට සේවකයන් දෙදහස් හාරසීයක් පමණ බඳවාගෙන ඇත.

එසේ බඳවාගත් එක්දහස් තුන්සිය අනූඅට දෙනකුම (1398) මධ්‍යම සංස්කෘතික අරමුදලින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බඳවාගත් මුරකරුවන් වේ.

එම කාලයේදී මධ්‍යම සංස්කෘතික අරමුදල ස්ථිර සේවකයන් ලෙස හයසිය හැටදෙනකුද, අනියම් පදනමින් දහසය දෙනකුද, කොන්ත්‍රාත් පදනමින් තුන්සිය විසිපස් දෙනකුද වශයෙන් එක්දහස් එක් දෙනකු (1001) බඳවාගෙන ඇත.

කෙසේ වෙතත් 2015 වන විට මධ්‍යම සංස්කෘතික අරමුදලේ සිට ඇත්තේ ස්ථිර, අනියම් හා කොන්ත්‍රාත් පදනම යටතේ සේවකයන් එක්දහස් නවසිය අනූ දෙදෙනෙකි. (1992)

කෙසේ වෙතත් පුරාවිද්‍යා භුමි ආරක්ෂා කිරීම සඳහා ප්‍රමාණවත් සේවකයන් තවමත් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව නොමැත.

Related posts

අඟුණකොළපැලැස්ස බන්ධනාගාරයේ රැඳවියෙක් හදිසියේ මියයයි

colombotoday

වතු නිවාස පෙළක ගින්නක්

colombotoday

ජිනීවා යෝජනාව රටට අහිතකරයි, ක්‍රියාත්මක කළොත් ප්‍රතිඵල භයානකයි – විශ්ව විද්‍යාල මහ ඇදුරෝ රජයට ලියති.

colombotoday

ඉන්ධන නැති නිසා බස් ගමන්වාර සියයට 50 කින් අඩු කරයි

colombotoday

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

colombotoday