Colombo Today Local News

ඥාණසාර හිමියන්ට අධිකරණයෙන් තීන්දුවක් !

උසාවියට අපහාස කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් බොදු බල සේනා මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව ගොණුකර ඇති නඩුව ජූනි 12 වෙනිදා යළි කැදවීමට අභියාචනාධිකරණය අද (31) තීන්දු කළේය.

අද දින පැවති නඩු විභාගය සදහා ඥාණසාර හිමියන් පැමිණ නොසිටි අතර, විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතීඥ මනෝහර සිල්වා මහතා පෙනී සිටියේ.

එක්නැලිගොඩ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට සිරගත කර සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් වෙනුවෙන් 2016 ජනවාරි 25 වනදා හෝමාගම අධිකරණයේදී අදහස් දැක්වීම හේතුවෙන්, අධිකරණයට අපහාස කළ චෝදනාව මත උන්වහන්සේ රක්ෂිත බන්ධනාගාරගත කර පසුව නිදහස් කෙරිණි.

Related posts

නොරොච්චෝලේ සුළං බලාගාරයක ගින්නක්

colombotoday

“පරණ දේශපාලනය ගේන්න මම ඉඩදෙන්නේ නැහැ.” – ජනපති කියයි

Admin

“යුද අපරාධ චෝදනා තහවුරු වුණා” – ෆොන්සේකාට එල්.ටී.ටී.ඊ. ඩයස්පොරාවෙන් පැසසුම් !

colombotoday

පාර්ලිමේන්තුව ‍මේ සතියේ දින 04ක් රැස්වෙයි

colombotoday

ව්‍යවස්ථා සභාවට සිවිල් නියෝජිතයින් පත්කිරීමේ අවසන් තීරණය බ්‍රහස්පතින්දා

Admin

දෙහිවල රතිබිම්බාරාම පාර, ඇළඉවුර ප්‍රදේශය හුදකලා කෙරේ

colombotoday