Colombo Today Local News

ගම්පහ වෙළෙඳසැල් අද විවෘතව තැබෙන වේලාවන්

දැනට ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශවල අද (29)දින උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා වෙළෙඳෙසැල් සහ ඖෂධසැල් විවෘතව තැබීමට පියවර ගෙන තිබේ.

මේ වන විට ගම්පහ දිස්ත්‍රික්කයටම නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත් වේ. ඊට අමතරව කොළඹ දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 21 කට හා කළුතර දිස්ත්‍රික්කයේ පොලිස් බලප්‍රදේශ 5කට නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබේ.

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා,

“බස්නාහිර පළාතේ ඇඳිරිනීතිය තියෙන ප්‍රදේශවල, ඒ වගේම කුලියාපිටිය ප්‍රදේශයේ ඇඳිරිනීතිය ඇති පොලිස් වසම් 5ක් ආශ්‍රිතව, අත්‍යාවශ්‍ය ආහාර හා ඖෂධ මිල දී ගැනීමට අත්‍යාවශ්‍ය ආහාර සපයන වෙළෙඳසැල්, සතොස වෙළෙඳසැල්, සමූපකාර, සුපිරි වෙළෙඳසැල් සහ ඔසුසැල් විවෘත කිරීමට අවසර ලබා දීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව උදෑසන 8 සිට රාත්‍රී 10 දක්වා පැය 14 කාලයක් තිබෙනවා වෙළෙඳසැල් විවෘත කිරීමට. හැකි සෑම අවස්ථාවකම සෞඛ්‍ය සිරිත්වලට අනුගත වෙලා කටයුතු කිරීම අනිවාර්ය වෙනවා. දුරස්ථභාවය තියා ගන්න. ඒ වගේම මුහුණු ආවරණය පැළඳ කටයුතු කරන්න.“

Related posts

අරුගම්බේ ගජමුතු ජාවාරමක් වලටයි

colombotoday

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වෙයි

colombotoday

අර්ජුන් මහේන්ද්‍රන් අල්ලන්න ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කරයි

colombotoday

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

රනිල් අගමැති කරන්න TNA සහයෝගය හිමිවේ

colombotoday

(Video) “අපට වැරදුනා.. මේක අශූචි ගොඩක්” – යහපාලනය ගැන සන්නස්ගලගේ අලුත්ම විග්‍රහය

colombotoday