Colombo Today Local News

චීනය ලංකාවේ කරන වැඩ ගැන ඉන්දියාවෙන් අනතුරු ඇගවීමක් !

චීනය රාජ්‍යත‍්‍රාන්ත‍්‍රික සබදතා ආර්ථික උපාය මාර්ගයක් වශයෙන් යොදා ගනිමින් සිටින බවට ඉන්දියාව චෝදනා එල්ල කර තිබෙනවා.

ඩෙකෑන් ක්‍රොනිකල් පුවත්පතට ලිපියක් යොමුකරමින් හිටපු ඉන්දීය නාවික හමුදා ප‍්‍රධානියකු වන අරුන් කුමාර් සිං මහතා පවසන්නේ එහි පලමු ගොදුර බවට ශ‍්‍රී ලංකාව පත්ව ඇති බවයි.

මේ වන විට ශ‍්‍රී ලංකාවේ වරාය /මූල්‍ය නගරය හා අනෙක් ආර්ථික කටයුතු සදහා චීනයේ දැඩි බලපෑමක් එල්ලවී ඇති බවටයි මෙමගින් චෝදනා කර ඇති අතර, චීනයේ මෙම ආර්ථික වැඩපිළිවෙලේ ඊලග ඉලක්කය බවට මලයාසියාව පත්වනු ඇති බවටයි එම ලිපිය මගින් පෙන්වා දෙන්නේ.

ශ්‍රී ලංකාව තුළ සිදු කරන තම ආයෝජන සම්බන්ධයෙන් ඉන්දියාව අනවශ්‍ය ආකාරයේ අවධානයක් යොමුකර ඇති බවට මීට පෙර චීනය විසින් චෝදනා කර තිබුණු අතර, ඉන්දියන් සාගරය තුළ ශ්‍රී ලංකාව තවත් කොළණියක් බවට පත්කර නොගන්නැයි චීනය විසින් ඉන්දියාවට දන්වා ඇතැයි ලෝක ප්‍රකට ෆෝබ්ස් සගරාව මාස කිහිපයකට පෙර වාර්තා කර තිබිණි.

ශ්‍රී ලංකාව සහ නේපාලය සමග චීනය ආරම්භ කිරීමට යන ආරක්ෂක සහයෝගිතාවන් සදහා ඉන්දියාව විරුද්ධ වන්නේ නම් චීනය ඒ සදහා සටන් කරනු ඇති බව ද චීන ජනමාධ්‍ය වාර්තා කර තිබිණි.

Related posts

“අමාත්‍යාංශය භාර අරන් මාස හතයි.. කිසිම වගකීමක් පවරලා නෑ” – රාජ්‍ය ඇමතිවරුන්ගේ ඉරණම රංගේ බන්ඩාර හෙළි කරයි

colombotoday

එට්කා ඉක්මනින් අවසන් කරනවා අනුර ලගින් තබාගෙන මෝදි කියයි

Admin

එන ඕන ක්‍රමයකට මුහුණ දෙන්න පොහොට්ටුව සූදානම්

Admin

‘කංසා වලට වගේම කිතුල් රා වලටත් දෙන්න’

Admin

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday

සතොස සහල් වර්ග තුනක මිල අඩුකරයි

Admin