Colombo Today Local Newsfeatured

පාස්කු ප්‍රහාරකයින්ට පහසුකම් සැපයීමේ චෝදනා මත රිෂාඩ් බදුර්දීන් සහ රියාජ් බදුර්දීන් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුර්දීන් අද (24) පාන්දර අත්අඩංගුවට ගෙන ඇත.

පාස්කු ප්‍රහාරයේ ස්වයං ඝාතකයන්ට පහසුකම් සැලසීම සහ සම්බන්දතා පැවැත්වීම යන චෝදනා මත ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

අත් අඩංගුවට ගැනීමට පෙර ඒ පිළිබඳව තම මුහුණු පොතේ රිෂාද් බදියුදීන් මෙසේ පවසා ඇත.

“වරෙන්තුවක් තියෙනවාද කතානායක දැනුවත් කළාද කියා මා ඇහුවා. එයාලා උත්තර දුන්නේ නෑ. ඊයේ දවසේම මං පාර්ලිමේන්තුවේ හිටියා. මං ගැන කිසිම දෙයක් කතා වුණේ නෑ. පාන්දර දෙක හමාරට තුනට විතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පිරිස් ඇවිත් යන්ඩ ලෑස්ති වෙන්න කිව්වා. මං පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරයෙක්. ඒ වගේම පක්ෂ නායකයෙක්. ඒ නිසා මාව අත් අඩංගුවට ගන්නවානං කතා නායක දැනුවත් කරලා ඉන්ඩ ඕනේ. මං ඇහුවා කතානායක දැනුවත් කළාද කියලා. එයාලා උත්තර දුන්නේ නෑ. මට විරුද්ධව මොන විදිහේ චෝදනා ගොනු කරයිද කියන්ඩ මං දන්නේනෑ. මම වැරදිකරලා නෑ. මං පවුකරලත් නෑ. මගේ අත් පිරිසිදුයි.”

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දැක්වූ අදහස්…

Related posts

ගිය වැඩේ හරි.. රු මිලියන 11110ක් දෙන්නං.. චීනය අගමැතිට කියයි.. ගිවිසුමකුත් අත්සන් කරන්න යයි

colombotoday

සහෝදරයාගේ වියෝවට කම්පාවූ නංගී ලය පැලී මරුට… දියණිය පුතා, මස්සිනා සහ නැන්දාත් රෝහලේ..

colombotoday

ආනයන භාණ්ඩ 367 කට පැනවූ තහනම දීර්ඝ කෙරේ…

colombotoday

මුස්ලිම් ජනයා සහ සහජීවනයේ අනාගතය.. තේමාවෙන් ලෝක මුස්ලිම් සමුළුව අරලියගහ මැදුරේ

colombotoday

තවත් බිත්තර මිලියන 92.1ක් ආනයනයට අනුමැතිය

Admin

ගෑස් භාවිතය ඉහළ යෑම පිපිරීම් වැඩි වීමට හේතුවයි – වාසුදේව ඇමති කියයි

colombotoday