Covid 19

කොළඹ මහා නගර සභා මන්ත්‍රීවරයෙකුටත් කොරෝනා

කොළඹ මහා නගර සභාවේ උතුරු කොළඹ මැති­ව­රණ කොට්ඨා­සයේ මට්ට­ක්කු­ලිය ප්‍රදේ­ශ­යෙන් නගර සභා­වට තේරී පත්වී සිටින ශ්‍රී ලංකා නිද­හස් පොදු­ජන පෙර­මුණේ නාග­රික මන්ත්‍රී රාජු බාස්ක­රන් මහතා කොරෝනා රෝග­යට ගොදුරු වී අයි­එච් රෝහ­ලට ඇතු­ළත් කොට ඇති බව කොළඹ මහා නගර සභාව පව­සයි.

මන්ත්‍රී­ව­රයා ඇතු­ළත් කිරී­මෙන් පසු සෞඛ්‍ය ඇමැ­තිනී පවිත්‍රා දේවි වන්නි­ආ­රච්චි, බැසිල් රාජ­පක්ෂ, පුර­ප­තිනි රෝසි සේනා­නා­යක, නාග­රික ප්‍රධාන වෛද්‍ය නිලධාරී රුවන් විජ­ය­මුණි මන්ත්‍රී­ව­ර­යාගේ දුක සැප විම­ස­මින් දුර­ක­තන ඇම­තුම් ලබා දුන් බව මන්ත්‍රී­ව­රයා පැව­සීය.

මෙයට අම­ත­රව නාග­රික ගිනි නිවීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ ගිනි භට­යන් සිවු දෙන­කුට කොරෝනා වැළඳී ඇති බව ගිනි නිවීම් සේවා දෙපා­ර්ත­මේ­න්තුවේ උසස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

මෙයට අම­ත­රව කොළඹ මහා නගර සභා බල ප්‍රදේ­ශයෙන් තවත් ආසා­දි­ත­යන් 32කු නිරෝ­ධා­යන මධ්‍ය­ස්ථානවලට ඇතු­ළත් කර ඇති බව ද පැව­සීය.

Related posts

තවත් කොරෝනා මරණ 7ක්

colombotoday

කොවිඩ් එන්නත් පෙරහුරු එන සතියේ

colombotoday

දික්වැල්ල යෝනකපුර නැගෙනහිර සහ බටහිර හුදකලා කරයි.

colombotoday

දිස්ත්‍රික්ක 19කින් නව ආසාදිතයින් 737ක්.. මරණ 4 යි

colombotoday

ගැබිණි මවකගේ කුස තුල සිටි බිළිඳියක් කොවිඩ් මාරයා බිලි ගනී

colombotoday

තවත් කොවිඩ් රෝගීන් 1429ක්

colombotoday