Covid 19

ගැබිණි මවකගේ කුස තුල සිටි බිළිඳියක් කොවිඩ් මාරයා බිලි ගනී

ගැබිණි මවකගේ කුස තුලදි මියගිය සති 37ක් වියැති බිළිඳියකට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇති බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දි පැවති හදිසි මරණ පරික්ෂණයේ දි අනාවරණය වී ඇත.

ගැබිණි මව දරු ප්‍රසුතිය සදහා ගාල්ල මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇති අතර කුස තුලදි දරුවා මියගොස් ඇත.

මිය යාමෙන් පසුව බිළිදියට කරනු ලැබු පි.සි.ආර් පරික්ෂණයේ දි කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇත.

ගැබිණි මව බුස්ස මහමුදලි මාවතේ පදිංචිකාරියකි. ඇයට කොවිඩ් වෛරසය ආසාදනය විම නිසා කරන්දෙණිය කොවිඩ් වෛද්‍ය ප්‍රථිකාර මධ්‍යස්ථානයේ ප්‍රථිකාර ලැබ යලි නිවසට පැමිණ ඇත. පසුව දරු ප්‍රසුතිය සදහා මහමෝදර මාතෘ රෝහලට ඇතුලත්ව ඇත.

මෙම ගැබිණි මවගේ දරු දෙදෙනා හා සැමියා ද නිවස තුල නිරෝධායනයට ලක්කොට ඇත. මියගිය බිළිඳියගේ හදිසි මරණ පරික්ෂණය ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරික්ෂක වෛද්‍ය බි.ජි.එන් කරුණාතිලක මහතා විසින් කරාපිටිය ශික්ෂණ රොහලේ දි පවත්වනු ලැබිය. පශ්චාත් මරණ පරික්ෂණය සහකාර අධිකරණ වෛද්‍ය නිළධාරි සමාධිදන්දෙණියආරච්චි මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.

ඉදිරිපත් වු සාක්ෂි හා වෛද්‍ය වාර්තා සැලකිල්ලට ගත් මරණ පරික්ෂකවරයා මියගිය බිළිඳියගේ සිරුරේ කොටස් වැඩිදුර පරික්ෂණ සදහා යොමු කොට තීන්දුව පසුවට තබා දේහය නිදහස් කරනු ලැබිය.

Related posts

කටුනායක ගුවන්තොටුපොලේ ආරක්ෂක නිලධාරීන් 5කට කොරෝනා

colombotoday

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

colombotoday

ඩෙල්ටා ප්‍රභේදය ගැන අවබෝධයක් නෑ – කොවිඩ් මර්දනය ගැන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් චෝදනා

colombotoday

කඩුවෙල ප්‍රදේශයේ කාන්තාවකටද කොරෝනා

colombotoday

නව කොවිඩ් ආසාදිතයින් 336ක්

colombotoday

කොවිඩ් වැළඳුනු දයාසිරි ජනපති කාර්යාලයටත් ගිහින්

colombotoday