Colombo Today Local News

කොරෝනාවෙන් පීඩාවට පත් ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට මහ බැංකුවේ අනුමැතිය

කොවිඩ්-19 වසංගතයෙන් පීඩාවට පත් ව්‍යාපාර සඳහා සියයට 4ක වාර්ෂික පොලී අනුපාතිකය යටතේ මේ වන විට ව්‍යාපාර 20240ක් සඳහා ණය ලබාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව අනුමැතිය ලබා දී තිබේ.

සෞභාග්‍යා කොවිඩ්-19 පුනරුද සහන ණය යෝජනා ක්‍රමය යටතේ බලපත්‍රලාභී බැංකු හරහා හඳුන්වාදුන් මෙම ණය යෝජනා ක්‍රමය වාර්ෂික පිරිවැටුප රුපියල් බිලියනකට වඩා අඩු ස්වයං රැකියා සහ තනි පුද්ගල ව්‍යාපාර ඇතුළු ඕනෑම ව්‍යාපාරයක් සඳහා ණය ලබාදීමට නියමිතය.

අදාළ රුපියල් බිලියනක වාර්ෂික පිරිවැටුමේ සීමාව සංචාරක, අපනයන හා ඒ ආශ්‍රිත සේවාවන් සපයන ව්‍යාපාර සඳහා අදාළ නොවන බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

අදියර 03ක් යටතේ ක්‍රියාත්මක වන මෙම ණය යෝජනා ක්‍රමය හරහා රුපියල් බිලියන 150ක මුදලක් මුදාහැරීමට අපේක්ෂා කර ඇති අතර ජුලි මස 02 වන දින වන විට ව්‍යාපාර 20240ක් සඳහා රුපියල් බිලියන 53ක මුදලක් මුදාහැර තිබේ.

මාස 06ක් දක්වා වු උපරිම සහන කාලසීමාවක් යටතේ මාස 24ක් දක්වා ආපසු ගෙවීමේ කාල සීමාවකට යටත්ව ණය ලබාදීම සිදුකරනු ලබන අතර මෙම ණය යෝජනා ක්‍රමය සඳහා අගෝස්තු මස 31 වන දින දක්වා අයදුම් කළ හැකි බව මහ බැංකුව සඳහන් කරයි.

Related posts

වරාය ගිවිසුම හදන අනුකමිටුවෙන් ඇමති චම්පික ඉවත් වෙයි !

colombotoday

කුවේට්හි රැකියාවක් දෙන බව පවසා මුදල් ගැරූ දෙදෙනෙකු අත්අඩංගුවට

Admin

”නැව ගනි ගැනීමෙන් මහුදු ජලයේ pH අගය වෙනස් වී නැහැ” – නාරා ආයතනය

colombotoday

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

Admin

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

කෝටි 11කට අලෙවි කිරීමට තැත්කළ පුරාවස්තු සමග 05ක් දැලේ

colombotoday