Colombo Today Local News

චීන ජනපතිගේ විශේෂ නියෝජිතයින් සහ ජනපති අතර හමුවක් අද

දිවයිනට පැමිණ සිටින චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (20)දින පැවැත්වේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරන්නේ, අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද ඔවුන් සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එහිදී ආර්ථික, දේශපාලනික ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබේ.

එමෙන්ම අද පස්වරුවේ මේ නියෝජිත පිරිස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවීමට ද සැලසුම් කර ඇත.

චීන ජනපති විශේෂ නියෝජිත ශෙන් යික්න් මහත්මිය ඇතුළු පිරිස පෙරේදා දිවයිනට පැමිණියා ය.

Related posts

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

ඇමති රාජිත ඇහින් දැක්කායි කී තජුඩීන් මරණයේ CCTV දර්ශනවල මොකුත් නැතැයි කැනඩාව කියයි !

colombotoday

මියන්මාරයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය නලීන් ද සිල්වා පත්කෙරේ

colombotoday

“සොත්ති උපාලිගේ” පුතා හෙරොයින් කිලෝ 2ක් සමඟ මාට්ටු.

colombotoday

අද පාර්ලිමේන්තුව ආරම්භ වේ

Admin

විරෝධතා, උද්ඝෝෂණවලට එරෙහිව එජාපයෙන් ක්ෂණක ප්‍රතිචාර !!

colombotoday