Colombo Today Local News

කීල්ස් NEXUS කාඩ් ගිණුමට මුදල් බැර කිරීමට එරෙහිව පැමිණිල්ලක්

කීල්ස් සුපිරි වෙළදසැල් ජාල‌ෙය් වෙළදසැල් මගින් පාරිභෝගිකයින් භාණ්ඩ මිලදී ගැනීමේදී ඉතිරි වන මුදල NEXUS කාඩ් ගිණුමට බැර කරන බවට පාරිභෝගිකයින් විසින් පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයට පැමිණිලි ඉදිරිපත් කර තිබේ.

පසුව ඔවුන් විසින් ඒ පිළිබදව සොයා බැලීමේදී අනාවරණය වී ඇත්තේ පාරිභෝගිකයින්ගේ ඉතිරි මුදල් ඔවුන් විසින් අනීතික ලෙස රදවා ගනු ලබන බවයි.

ඊයේ (24) දින රංජිත් විතානගේ විසින් වේරහැර පිහිටි කීල්ස් සුපිරි වෙළදසැලෙන් භාණ්ඩ මිලදී ගැනීමේ රුපියල් 7.00 ක ඉතිරි මුදල ඔහුගේ NEXUS ගිණුමට බැර කර ඇත. NEXUS යනු බැංකු ගිණුමක් නොවන බැවින් පාරිභෝගිකයින්ගෙන් මුදල් ලබා ගැනීම නැතහොත් තැන්පත් මුදල් ලබා ගැනීම නීති විරෝධී වන බැවින් හා එමගින් පාරිභෝගිකයින්ට සිදුවන අපහසුතාවය පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා පාරිභෝගික කටුයුතු පිළිබද අධිකාරීය සභාපතිගෙන් ඉල්ලා තිබේ.

Related posts

ආණ්ඩුව කරලා තියෙන්නේ සීනි බෝල වෙනස්කම් – මංගල සමරවීර කියයි

colombotoday

එළවලු මැස්සක් උඩ කපා කොටා දැමූ පුද්ගල මළ සිරුරක්

colombotoday

පියසේනට, ඩග්ලස්ට, තොණ්ඩමන්ට රාජ්‍ය ඇමති සැප !

colombotoday

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

colombotoday

බස් ගාස්තු සංශෝධනයේ වෙනසක් නැහැ

Admin

ලංකාවේ සියලු නීති වලට ගරු කරන්න සංචාරකයන්ට පිස්සු නැ…

colombotoday