Colombo Today Local News

අරාබි මෘගයෙක් ජයවතීගේ බෙල්ල කපනවා දුටු කාන්තාවක් විස්තරය ෆෝන් එකෙන් ලංකාවට කියලා – Video

arabian man eaterකුවේට් රාජ්‍යයේ ගෘහ සේවයේ නිරතව සිටියදී පපුවට තදබල ලෙස පහර දී, තියුණු ආයුධයකින් ගෙලට ඇන මරා දැමුණුූ  බවට මරණ පරීක්ෂණයෙන් හෙළි වූ ජයවතී ඉලංගසිංහ (50) මහත්මියගේ මෘත දේහය පෙරේදා (15) උදෑසන කැකිරාව ශ්‍රස්ත්‍රවෙල්ලිය පිහිටි ඇයගේ නිවසට ගෙන එන ලදී.

ජයවතී ඉලංගසිංහ (50) දෙදරු මව යසඉසුරු සොයා ඉවේට් රාජ්‍යයේ ගෘහ සේවය සඳහා පිටත්ව ගොස් ඇත්තේ ඇගේ දෙවැනි දියණිය හොඳ දෑවැද්දක් සහිතව විවාහ කර දීමේ අදහස මූලික කර ගෙනමුත් ජයවතීට නැවත සිය නිවසට පැමිණෙන්නට සිදුවූයේ මිනී පෙට්ටියක් මතය.

ගෘහ සේවයේ යෙදෙමින් සිටියදී කුවේටයේදී ඝාතනයට ලක්වූ ජයවතී මහත්මියගේ දේහය පෙරේදා (14) මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව පශ්වාත් මරණ පරීක්ෂණය සිදු කළ මීගමුව දිස්ත්‍රික් මහ රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂක වෛද්‍ය සිරි ජයන්ත වික්‍රමරත්න මහතා විසින් ඇය අමානුෂික අන්දමින් ඝාතනය කර ඇති බව තහවුරු කළේය.

මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක්, මේ කාන්තාවගේ අත් දෙක පිටු පසට කරලා බැඳලා, හිසට හා පපු ප්‍රදේශයට තදබල ලෙස පහර දී තිබෙනවා, ශරීරයේ තැලීම් සහ කැපුම් දක්නට ලැබෙනවා. මෙය සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් බවට ඔප්පූ වී තිබෙනවා යැයිද මීගමුව මහ රෝහ‍ලේ හදිසි මරණ පරීක්ෂකවරයා පවසයි.

කුවේටයේදී ජයවතී ඉලංගසිංහ මහත්මිය සමග කුවේටයේ ගෘහ සේවයේ නිරතව සිටි කාන්තාවක් මෙම ඝාතනය සිදු කරනු අයුරු දැක ඇති බවටද මරණ පරීක්ෂකවරයාට තොරතුරු ලැබි ඇත. එම කාන්තාව ප්‍රකාශ කර ඇත්තේ නිවසේ හිමිකරුගේ පුතුන් දෙදෙනා විසින් ජයවතීව කාමරයෙන් එළියට ඇදගෙන ගිය බවත්, නිවසේ හිමිකරුද එයට හවුල් වී ජයවතී ඉලංගසිංහයේ බෙල්ල පිහියකින් කපා දමනු දුටු බවත්ය.

එම කාන්තාව විසින් ඒ බව ජයවතී මහත්මියගේ පවු‍ලේ උදවියට දුරකථනයෙන් දන්වා ඇති අතර, එම හඬ පටයද නිවැසියන් සතුව තිබේ. එම දුරකථන ඇමතුම ලබාදුන් කාන්තාව ගැනද මේ වන විට කිසිදු තොරතුරක් නැතැයි නිවැසියන් පැවැසූහ.

ඝාතනයට ලක් වූ ජයවතී මහත්මියගේ ස්වාමිපුරුෂයා වන ජී.චන්ද්‍රසිරි මහතා, දෙවැනි දුවගේ විවාහය හොඳින් සිදු කිරීමේ අරමුණින් මුදල් ඉපයීමට ඇය විදෙස් ගත වූවා. බිරිඳට සිදුවූ අපරාධය දරා ගත නොහැකියි. මුළු පවුලම මේ වනවිට අන්ත අසරණ තත්ත්වයට පත්වෙලා සිටින්නේ, බලධාරීන් හා නිලධාරීන් මේ පිළිබඳ සොයා බලා වැරදිකරුවන්ට එරෙහිව ක්‍රියා කර ඝාතනයට ලක්වූ මගේ බිරිඳට සාධාරණයක් සිදුකළ යුතුයැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

-ලක්බිම

Related posts

අගමැති හබය පාර්ලිමේන්තුවෙන් නොවිසදුනොත් ශ්‍රේෂ්ඨාධීකරණයට….

colombotoday

වියතුන් 100ක් පාර්ලිමේන්තුවට යවන්න ජනපති සූදානම් !

colombotoday

හමුදාව කැබලි 9කට කඩන්නැයි විග්නේෂ්වරන් රජයෙන් ඉල්ලයි

colombotoday

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

colombotoday

Video: මාස 9කින් ආර්ථිකය ගොඩ අරගෙන පෙන්නන්න පුළුවන් – රවී කියයි

colombotoday

තවමත් පදිංචියට නොගිය සබීතාගේ හිස් බිල්ඩිම, කෘෂිකර්මයේ මිලියන 828ක් ගිලලා !!

colombotoday