Colombo Today Local News

වියතුන් 100ක් පාර්ලිමේන්තුවට යවන්න ජනපති සූදානම් !

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අලුත් මුහුණු 100 ක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇති බව වාර්තා වෙනවා.

මේ සඳහා උගත්, බුද්ධිමත් තරුණ පිරිසක් ඉදිරිපත් කිරීමට සැළසුම් කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් සඳහන් සඳහන් කර ඇත..

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අනුමැතිය මත ක්‍රියාත්මක වෙන මෙම වැඩ පිළිවෙළ සඳහා ඉදිරි මැතිවරණයේදී දිස්ත්‍රික්ක මට්ටමින් තරග කිරීම සඳහා මේ අලුත් මුහුණු ද ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ

මේ අතර ‘අනිද්දා’ පුවත්පත පසුගියදා වාර්තා කර තිබුනේ, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට හිතවත් ‘වියත්මඟ’ සංවිධානයේ පිරිසක් ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සාමාජිකත්වය දරන කිසිඳු පක්ෂයක සාමාජිකත්වය නොගෙන ඉදිරි මහ මැතිවරණයේදී අපේක්ෂකයින් ලෙස ඉදිරිපත්වීමට බලාපොරොත්තුවෙන් සිටීම පිළිබඳව එම සන්ධානයේ පක්ෂ නායකයින් අතර විරෝධයක් මතුව ඇති බවයි.

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, වෘත්තිකයින් හා හිටපු හමුදා නිලධාරීන් පිරිසක් මෙලෙස මහ මැතිවරණයට ඉදිරිපත්වීමට බලාපොරොත්තුව සිටින අතර ආචාර්ය නාලක ගොඩහේවා, මිලින්ද රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් හා ආචාර්ය චරිත හේරත් ඒ පිරිස අතර සිටිති.

Related posts

යූරියා සහ තේ පොහොර මිල පහළට

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

අප්‍රේල් අග සිට පාස්පෝට් ඉල්ලුම අසාමාන්‍ය ලෙස ඉහළ ගිහින්

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ට එරෙහි නඩුව කල්යයි

Admin

ආදාහනය කරන්නේ නෑ කියලා කුරානයේ තියෙනවා | අසාද් සාලි පෙන්නපු කුරාන් වැකිවල එහෙම දෙයක් නෑ

colombotoday